ඡන්ද පෙට්ටි ගෙනයද්දී වාහනය පෙරලේ

cab

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල කෝට්ටගොඩ ඡන්ද මධ්‍යස්ථානයේ සිට මැද්දවත්ත කාර්මික විද්‍යාලයයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය කරා ඡන්ද පෙට්ටියක් ප්‍රවාහනය කල කැබ් රථයක් තලල්ල වංගුවේදී පෙරලී ඇති වාර්තා වේ.

එහිදී පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය. ඡන්ද පෙට්ටියට හානියක් නොවූ අතර එය වෙනත් වාහනයකින් ගණන් කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන ඒමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.