චීන බැංකුව (Bank of China) මේ වසර තුලදී ශි ලංකාව තුළ සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. මෙය චීන රාජ්‍ය තුළ පවතින විශාලතම මූල්‍ය ආයතනය වශයෙන් සැලකෙන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක ආරම්භක ප්‍රාග්ධනයකින් මෙම ව්‍යාපෘතිය සමන්විත වේ.
දකුණු ආසියා කලාපය තුළ චීන බැංකුව ආරම්භ කරනු ලබන ප්‍රථම ශාඛාව ලෙස මෙය හැදින්වෙන අතර චීනය හා සිදු කරනු ලබන සියලු ගනුදෙනු මෙම බැංකුව හරහා සිදුවීමට නියමිතය.