ඕස්ට්‍රේලියානු කැසිනෝ රජා ලෙස සැලකෙන ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම විසින් චීනයේ පවත්වාගෙන යන කැසිනෝ සූදු පොලවල් සදහා නීති විරෝධීව ප්‍රචාරක කටයුතු කළ බවට චෝදනා එල්ලවී ඇත.
මෙසේ චීනය තුල ක්‍රවුන් කැසිනෝ ප්‍රවර්ධනයට කටයුතු කිරීමේ වරදට චීන ක්‍රවුන් කැසිනෝ ශාලාවල සේවයේ නියුතු ඕස්ට්‍රේලියානු ජාතිකයින් තිදෙනෙකුට චීන අධිකරණයක් විසින් සිර දඩුවම් නියම කර ඇති බව වාර්තාවේ.
මෙසේ සිරදඩුවමට ලක්ව ඇත්තේ චීනයේ කැසිනෝ හල්වල ජේෂ්ඨ විධායක නිලධාරී ජාසන් ඕ කෝනර් හා තවත් දෙදෙනෙකුටය. ෂැංහයි හි පිහිටි බාඕසාන් දිස්ත්‍රික් උසාවියෙන් මොවුන් තිදෙනාට මාස දහයක සිර දඩුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියානු බිලියනපතියකු වන ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම විසින් පසුගිය රජපක්ෂ පාලන සමයේ ලංකාවේද කැසිනෝ ශාලා පිහිටුවීමට සූදානම් විය. නමුත් ඔහුගෙන් ඉල්ලන ලද අති විශාල කොමිස් මුදල් හේතුවෙන් එම ප්‍රයත්නය යටපත්විය.