ජර්මනිය තුල සමලිංගික විවාහ නීතිගත කරයි
Posted on 07.03.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ජර්මන් ෆෙඩරල් පාර්ලිමේන්තුව තුල සමලිංගික විවාහ නීති ගත කිරීමට අදාල නීති සම්මත කිරීමට එරට පාර්ලිමේන්තුව පසුගියදා ක්‍රියා කළේය.
මෙම නීති සම්මත කිරීම සදහා පක්ෂව මන්ත්‍රීවරු 393 දෙනෙකුද විරුද්ධව මන්ත්‍රීවරු 226ක් සිය ඡන්දය ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඡන්දයදීමෙන් මන්ත්‍රීවරු 4 දෙනෙකු වැළකී ඇත’
එරට චාන්සලර් ඇන්ජෙලා මාකේල් සිය ඡන්දය මෙම නීතිය සම්මත වනවාට විරුද්ධව ලබාදුන් බවද වාර්තාවේ. කෙසේ වෙතත් ඇයගේ පක්ෂය වන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තම කැමැත්තට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවද ඇය ප්‍රකාශ කළාය.
ජර්මනිය තුල 2001ක වසරේ සිට එරට සමලිංගික සම්බන්ධතාවලට යම් නීතිමය තත්වයක් සකසා තිබුනත්, එය නීතිමය ලෙස තහවුරු කර නොතිබිනි.
මෙම නීති සම්මතිවීමෙන් සමලිංගික විවාහකයින්ට ළමයින් දරුකමට හදා ගැනීමේ නීතිමය අයිතියද ඇතුලත්වේ. මීට පෙර එම අවසරය ජර්මනිය තුල නොතිබුනි.
Related News