தமிழ்
English
Contact
Wednesday 27th December 2017    
මඩකලපුවේ තරුණයන් අතුරුදන් කිරීමෙන් පොලිසියට පාඩමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මඩකලපුවේ තරුණයන් අතුරුදන් කිරීමෙන් පොලිසියට පාඩමක්!



මඩකලපුව පොලිසිය විසින් තරුණයන් දෙදනකු අතුරුදන් කරවීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) තීන්දු කර තිබේ.

අතුරුදන් වූ තරුනයන් වෙනුවෙන් මඩකලපුව පදිංචි සෙල්වරාජා පුෂ්පරාණි, අන්නමලෙයි සෙල්වරාජා යන අය වෙනුවෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව පොලිසිය කළ වරද වෙනුවෙන් ඔවුන්ට මුදලින් ලක්ෂ 10 බැගින් හා වන්දි මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියෝග කර ඇත.

2007 ඔක්තෝබර් මස 03 දින මඩකළපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම තරුණයන් දෙදෙන‍ෙනෙිදහස්කළ බවට පොලීසිය කීවද, එම තරුණයන් අතුරුදන්ව ඇති අතර, එසේ අතුරුදහන් කිරීමෙන්ම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි. මඩකළපුව පොලීසියේ හිටපු ස්ථානාධිපති පී.එස් වික්‍රමසිංහද, මෙම සිද්ධියට වගකිව යුතු බැවින් රජය විසින් ගෙවිය යුතු රු.ලක්ෂ 10 බැගින් වන වන්දි මුදලට අමතරව පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුද්ගලික මුදලින් පෙත්සම්කරුවන්ට රු.50,000 බැගින් වන්දි ගෙවිය යුතු බවද නියෝගකර තිබේ.

මේ අතර, ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියළු තැනැත්තන් ආරක්ෂාකිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත‘ පිළිබඳ දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය ජූලි 06 පැවැත්වීමට නියමිතය. යෝජිත පනතට අනුව බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමකට වරදකරුවන තැනැත්තෙකුට අවුරුදු විස්සකට නොවැඩි සිරදඩුවමක් සහ රුපියල් මිලියනයනකට නොවැඩි දඩයකට යටත් වන අතර වින්දිතයකුට රුපියල් ලක්ෂ පහකට නොඅඩු වන්දි මුදලක් ගෙවීමටද යෝජනා කර තිබේ.




Related News