தமிழ்
English
Contact
Friday 26th January 2018    
ඉරානය කැස්පියන් මුහුදේ දින පහක නාවික අභ්‍යාසයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉරානය කැස්පියන් මුහුදේ දින පහක නාවික අභ්‍යාසයක්



ඉරානය සිය නවීන යුද නැව් හා සිය නාවික හමුදා සතු මිසියල සහිත නවීන යාත්‍රා හා නාවික කොමාන්ඩෝ භටයන්ගෙන් සමන්විත පස් දින නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

මෙම නාවික අභ්‍යාසය පිළිබදව එරට පළමු නාවික කලාපයේ අණදෙන්නා වන කමාන්ඩර් අහමඩ්රිසා බකියුරි පවසා ඇත්තේ මෙම අභ්‍යාසයේ අරමුණ වන්නේ සාමය, මිත්‍රත්වය හා සිය නාවික හමුදාවේ හැකියාව පෙන්නුම් කිරීමේ අරමුණෙන් බවයි.

කටාරය හා ගල්ෆ් කළාපීය රටවල් කිහිපයක් අතරමේ වන විට දේශපාලන අර්බූදයක්ද හටගෙන තිබේ. කටාරයට ඉරානය සිය සහාය පළකර ඇත. සෞදි අරාබිය විසින් කටාරයට එරෙහිව සම්බාධක පැණවීමේ පසුබිමක්ද මේ වන විට ගල්ෆ් කලාපය තුල මත්ව ඇත.

මෙවන් පසුබිමක් යටතේ ඉරානය විසින් සිය නාවික අභ්‍යාසය වඩා හක්තිමත් ලෙස ගෙනහැරපාන්නට කටයුතු කරන බව පෙනීයයි. පසුගිය දිනවල සිරියාවේ පිහිටි අයි.එස් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ඉරානය සිය නැව් මගින් මිසයිල ප්‍රහාරයන් කිහිපයක් එල්ල කළේය.

ඉරාන සිය ප්‍රතිවාදියා ලෙස එක්සත් ජනපදයේ පූර්ණ අනුග්‍රහය ලබන සෞදි ආරබියටද යම් සංඥාවක් ලබාදෙමින් මෙම නාවික අභ්‍යාස පවත්වන බව පෙනේ.




Related News