ගෙවුණු මාස 05 තුල ඩෙංගු මරණ 90ක්

මෙම වසරේ ගතවූ කාලය තුල ඩෙංගු මරණ 90 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී.

තවද කෑගල්ල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත්  බස්නාහිර පළාතේ පමණක් පාසල් 298ක මදුරු කීටයින් හමුවූ බවත් එම පාසල් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් රට තුල වාර්ෂිකව ඇතිවෙන මෙම වසංගත තත්වයට දිගින් දිගටම සිදුකරන පැලැස්තර විසදුම් වලට අමතරව ස්ථීරසාර විසදුමක් පෙනෙන තෙක් මානයක නොමැති බව සාම්ප්‍රදායිකව සිදුකරන වාර්තා වලින්ම දැක ගත  හැක.

Leave a Reply