මීතොටමුල්ල ප්‍ර දේශවාසීන් හා එක්ව නීතිඥ නුවන් බොපගේ ඇතුළු පෙත්සම් කරැවන් 07දෙනෙකු වසින් මීතොටමුල්ල කුණු කන්දට දිනපතා කුණු ටොන් 750- 1200ත් අතර ප්‍රමාණයක් ගෙනවිත් දැමීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවිසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබන වසරේ පෙබරවාරි 25 වන දින පෙත්සමේ වගඋත්තර කරුවන් වන කොළඹ මහ නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කුණුගෙනවිත් දැමීමට සම්බන්ද තවත් ආයතන ගණනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබදව කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
පෙත්සම්කරුවන් විසින් ගොනුකර ඇති පෙත්සමේ සදහන් වන්නේ මේ කුණු කන්ද අවට ආසන්නයේ පදිංචිව සිටින පවුල් සංඛ්‍යාව 65000ක් පමණ වන බවත් ඒ අයගේ පරිහරණය සදහා ඇති පෞද්ගලික ලිං 248ක්ද, පොදු ලිං 48ක්ද. නළ ලිං 94ක්ද, පාසල් 7ක්ද, පන්සල් 5ක්ද, පල්ලි 3ක්ද පිහිටා තිබෙන බවයි.
මෙසේ දිගින් දිගටම කුණු දැමීමෙන් මෙම ජනතාවට දෛනික පීඩාව හා සනීපාරක්ෂක අවදානම හා හානිය වහා නවත්වා දමන ලෙසත් ඒ සදහා නියෝගයක් අදාල බලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
මෙම පෙත්සම සලකා බැලීම සදහා ත්‍රිපුද්ගල ශ්‍රේස්ඨාධීකරණ විනිසුරු මඩුල්ලක් නම්කර ඇත. ඒ සදහා ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ හා අනිල් ගුණරත්න කටයුතු කරනු ලබයි. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ, සාලිය පීරිස් හා එරාජ් ද සිල්වා යන අය පෙනීසිටී.