පවුල් 4000කට ජලය සැපයීමට ඉදිකළ තිස්සමහාරාම පානීය ජල ව්‍යාපෘතියේ මේවන විට එම නල තුලින් එන්නේ මඩ වතුර බව එම ප්‍රදේශයේ ජනතාව පවසයි. මඩ වතුර එන බවට අවස්ථා කිහිපයකදීම අදාල බලධාරීන්ට දැනුවත් කළත් මේ වන තෙක් ඊට කිසිදු පිලියමක් නොමැති බව වාර්තාවේ. එම ජලය භාවිතයට ගන්නා ජනතාවට මේ වන විට නොයෙකෙුත් උදරාබාධ අතිවී තිබෙන අතර කිහිප දෙනෙකු රෝහල් ගතකර ඇදැයිද වාර්තාවේ.
නල දිගේ මඩ මඩ පවා පැමිණෙන බැවින් පානය කිරීමට හෝ ස්නානය කිරීමට පවා එම ජලය යොදාගත නොහැකි බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.
අති විශාල මුදලක් වැය කර ඉදිකරන ලද මෙම ජල ව්‍යාපෘතිය මේ වනවි අසාර්ථක එකක්ව ජනතාවට ලෙඩ රෝග පතුරන ව්‍යාපෘතියක තතවයට පත්ව අැතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති.

