අද දින කෑගල්ල මහේස්තා‍්‍රත් අධිකරණයේදී විභාගයට ගත් කුමාර් ගුණරත්නම්ට අදාල නඩුව සාක්ෂි විමසීමෙන් පසුව මාර්තු 14 වැනි දින දක්වා කල් තබා ඇත. අද මෙම නඩුවේ සාක්ෂි සදහා කැදවා තිබූ කෑගල්ල සහකාර පොලිස් අධිකාරී වරයා අධිකරණය හමුවේ පැමිණ නොසිටි අතර ඔහුට මාර්තු 14 වැනි දින අධීකරණය හමුවේ පෙනී සිටිින ලෙස සිතාසි නිකුත් කිරීමට නියෝග කෙරිනි.
අනෙක් සාක්ෂිකරු ලෙස කැදවා තිබුනේ ශේ‍්‍රශ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීය. ඔහුගෙන් අද දින සාක්ෂි ලබා ගත් අතර එම සාක්ෂි කැදවීමට හේතු වූයේ කුමාර ගුණරත්නම්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීරණය කුමක්ද යන්න ගැන ලේඛකාධීකාරීවරයාගෙන් සාක්ෂි ලබා ගැනීම වෙනුවෙනි.
එම සාක්ෂිය අද කැදවා අවසන් කළ අතර මාර්තු 14 වැනි දින නැවත නඩුව විභාගයට ගන්නා බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. කුමාර් ගුණරතන්ම් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ ඇතුළු නීතිඥයින් පෙනී සිටි.


