කාෂ්මීරය ගැන ඉන්දීය මාධ්‍යවේදියකු මෝඩිට ලියයි

පසුගියදා කාෂ්මීරයේ සංචාරයක නියැලුූණ ඉන්දීය මාධ්‍යවේදී සන්තෝෂ් භාරතියා විසින් ඉන්දීය අගමැතිවරයා වෙත තම කාෂ්මීර සංචාරය පිළිබදව විවෘත ලිපියක් ලියා ඇත.

හිතවත් මෝඩි මහතාණෙනි යනුවෙන් අමතා ඇති මෙම ලිපියේ සන්තෝෂ් භාරතියා පවසන්නේ කාෂ්මීරය සම්බන්ධයෙන් වන ඉන්දීය මැදිහත්වීම අසාර්ථක බවත් විශේෂයෙන් කාෂ්මීරය සම්බන්ධයෙන් වත්මන් මෝඩි රජයේ මර්දනකාරී පිළිවෙත එම ජනතාව ඉමහත් පීඩනයට පත්ව ඇති බවයි.

එම ලිපියේ සදහන් වන්නේ කාෂ්මීරයේ භූමිය අප මග ඇතත් එහි ජනතාව අප සමග නොවන බවයි. ඔහුගේ ලිපියේ විශේෂයෙන් සදහන්ව ඇති කරුණක් ලෙස දක්වා ඇත්තේ අසූ වියැති මහල්ලාගේ සිට අටහැවිරිදි ළමා ළපටීන් පවා ඉන්දීය පාලනයට විරුද්ධ බවයි. ‘කාෂ්මීරයේ නැගීම‘ යන මාතෘකාව යටතේ ඔහු සිය සංචාරය අළලා දීර්ය ලිපියක්ද පළකර ඇත.

මෙම මාධ්‍යවේදියාගේ විශේෂත්වය වන්නේ ඉන්දී්‍ය මාධයවේදීන් බොහෝ දෙනෙකු කාෂ්මීරය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයේදී ඉන්දීය ස්ථාවරය දරමින් කටයුතු කරන විට සන්තෝෂ් භාරතියා ඊට වෙනස් ප්‍රවේශයක් ගැනීමයි.