කඳුළු ගෑස් ප‍්‍රහාර නොතකා සිසුහු කොල්ලුපිටිය මංසන්ධියේ වාඩිලා ගනී.

sitam1web

මාළඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද විරෝධතා පා ගමනක් පැවැත්විණි.
මෙකී පා ගමන පැවැත්වීමට පෙර කිහිප වතාවක් ම මෙම ඉල්ලීම මුල් කරගනිමින් සිසුන් විවිධ අයුරින් මාළඹේ සයිටම් ආයතනයට සිය විරෝධය දැක්වූවත් පාලකයන් එය ගණනකට ගත් බවක් පෙනෙන්නට නොවීය.

දින 100 කට අධික කාලයක් දිවයිනේ සියලු වෛද්‍ය පීඨ ඉදිරිපිට විරෝධතා අට්ටාල මත සිසුන් සත්‍යග‍්‍රහයේ යෙදුනද පාලකයන්ගේ ඇස් කන් ඇරුනේ නැත. ඒ වෙනුවට සෞඛ්‍ය ඇමතිවරායා ප‍්‍රමුඛ ආණ්ඩුව කළේ දිගින් දිගටම මෙම ආයතනය නීතියානුකූල කිරීම වෙනුවෙන් කුමන්ත‍්‍රණයේ යෙදීමය. එසේ සිදු වන්නේ ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය මීට නොලැබෙන වටපිටායකයග සිසුන් අද පාරට බැස තිබුණේ මෙම තත්වය මත බව උද්ඝෝෂණයට සම්බන්ධ වූ සිසුන් පැවසීය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කොට තිබුණි. විරෝධතා පාගමන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගමන් ඇරඹීයග කොළඹ කරා ගමන් ගත් විරෝධතා පාගමනට වෛද්‍ය පීඨ සිසුන් මෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් සිසුන් සම්බන්ධ විය.

විරෝධතා පා ගමන ආරම්භයේදීම පොලිසිය මඟින් බාධා කිරීම් සිදු කිරීමට උත්සහ ගත්තද සිසුන් ඒකී බාධා නොතකා 138 බස් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ඇදුණි. කොල්ලූපිටිය මංසන්ධියේදී පොලිසිය විසින් මාර්ග බාධක යොදා පා ගමන නතර කිරීමට උත්සහ ගත් අතර සිසුන් වෙත ජල හා කඳුලළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කෙරිනි. නමුත් සිසුන් එකී ප‍්‍රහාරයන් මැද නැවතත් ඉදිරියට ඇදුනු අතර එහිදී නැවතත් ඔවුන් වෙත ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල විය.
කෙසේ නමුත් මේ වන විට සිසුන් කොල්ලූපිටිය මංසන්ධියේ වාඩි ලාගෙන සිටී. මෙහි වීඩියෝ දර්ශන පහතින් ඇත.

sitam2web

sitam2web

සිිසු විරුවෝ facebook පිටුවෙන්