නිෂ්පාදන ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය නොහැකිය යන හේතුව ඉදිරිපත් කරමින් බ්‍රසීලය විසින් එක්සත් ජනපදය වෙත යවනු ලබන මස් වර්ග තහනම් කිරීමට සැරසේ.
එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු මස රටවල් කිහිපයක් බ්‍රසීල මස් ආනයනය තහනම් කිරීමට කටයුතු කළ බවයි. මෙම අනාරක්ෂිත තත්වය මේ දක්වා වෙනස් නොවීම හේතුවෙන් ඉදිරියට බ්‍රසීල මස් ගෙන්වීම නවතා දමන්නට තම රටට සිදුවූ බව එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ගෙන්වන ලද මස් පරීක්ෂා කිරීමේදී මෙම තත්වය වැඩිදුරටත් තහවුරුවීම හේතුවෙන් එසේ කරන බවයි. බ්‍රසීලය ලොව ප්‍රධාන මස් අපනයනය කරන රට වේ. විශේෂයෙන් රතු මස් වර්ග හා කුකුළු මස් අපනයනය කරනු ලබන ලොව ප්‍රධාන අපනයනකරු බ්‍රසෟලය වේ.
වසරකට ඩොලර් බිලියන 12 ආදායමක් මස් අපනයනය මගින් බ්‍රසීලය අත්කර ගනී. බ්‍රසීලයේ ප්‍රධාන මස් වෙළදපොල වන්නේ චීනය, යුරෝපා සංගමයට හා එක්සත් ජනපදයයි.