වසර 04ක් තිස්සේ සිරියානු කැරලිකරුවන්නේ ග‍්‍රහණයේ පැවැති එරට දෙවැනි විශාලතම නගරය වන ඇලෙප්පෝ නගරයේ අඩක් මුදා ගැනීමට සිරියානු හමුදා මේ වනවිට සමත්ව තිබේ.
මෙම මෙහෙයුමේදී සිරියානු හමුදාවන්ට රුසියානු ගුවන් හමුදාවේ සහාය ලැබේ. සිරියානු බසීර් අල් අසාද්ගේ හමුදාවට ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්ගේ හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ සහාය ලබාදේ.
නගරය තුල සිටින සිවිල් වැසියන් සිරියානු කැරලිකරුවන්ගේ ප‍්‍රාණ ඇපකරුවන් බවට තාබාගෙන සිටින බැවින් ඉදිරි මෙහෙයුම් ඉතාම අවදාම් බවට පත්ව තිබේ.නගරය මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ පසුව නගරය තුල සිටි විශාල පිරිසක් සිරියානු හමුදා මුදාගත් ප‍්‍රදේශවෙත පැමිණ ඇත.
මේවන විට එහි සිරවී සිටින ජනතාවගේ මුලීක අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය මානෂීය ආධාර ලබාදීම පවා අතිශ්‍ය දුෂ්කර වී ඇතැයි වාර්තාවේ
මේ වනවිට ඇලේප්පෝ නගරය මුදා ගැනීමේ මෙහෙයුමේ අතිශය දුෂ්කර සංකීරණ අවස්ථාවට පැමිණ සිටින බව සිරියානු රජයේ ප‍්‍රකාශකයකු විදෙස් මාධ්‍ය වෙත ප‍්‍රකාශකර ඇත.