ආණ්ඩුවේ සැලසුම් නිසා ඊපීඑෆ්, ඊටීඑෆ් අරමුදල් යළි අනතුරක!
Posted on 12.04.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වැඩකරන ජනයාගේ ඉපැයීමෙන් කොටසක් තැන්පත් කර නිමැවෙන ඊපීඑෆ්, ඊටීඑෆ් අරමුදල් මහාභාණ්ඩාගාරයට පවරන්නට සැලැස්මක් ආන්ඩුවේ ඉහළ බලධාරින් විසින් සලකා බලමින් සිටි.
මේ සැලැසුම ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නේ පෞද්ගලික අංහයට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන මුහුණුවරකින් බව කම්කරු ඇමැතිවරයා විසින් කළ ප්‍රකාශ වලින් පැහැදිලි වේ. මෙම ක්‍රමය යෝජනා කරනු ලබන්නේ දැනට එම අරමුදල් පවත්වාගෙන යාම සදහා සේව්‍ය සේවක දායකත්වය තිබෙන නිසා එම දායකත්වය පවතින ආකාරයෙන්ම සේවක විශ්‍රාම වැටුපක් ද පවත්වාගෙන යාමට හැකි බව වැඩකරන ජනතාවට පෙන්වා දෙමිනි. ඒ අනුව පෙනී යන්නේ ස්වාධීන අරමුදල් ලෙස පවතින ඊපීඑෆ්, ඊටීඑෆ් අරමුදල් පාලනය කිරීමට මහා භාණ්ඩාගාරය හරහා නව ආයතනයක් බිහි කර එමගින් එම අරමුදල් වෙනත් ආයෝජන සදහා යෙදවීමේ බාධා ඉවත් කරන්නට ආණ්ඩුව සැලසුම් කරන බවකි.
මින් පෙර පෞද්ගලික අංශයේ විශ්‍රාම ක්‍රමයක් සදහා ඊපීඑෆ්, ඊටීඑෆ් අරමුදල් යෙදවීමට දැරෑ උත්සාහයේදී කටුනායක සේවක අරගලය නිසා එම සැලස්ම හකුලා ගන්නට රාජපක්ෂ ආණ්ඩුවට සිදු විය. එහිදී රෝෂේන් චානක නමැති කම්කරුවා වෙඩි තැබීමෙන් මිය ගියේය.
Related News