සිරිල් සී. පෙරේරා අභාවයෙන් තුන්මසක් ඉකුත්වීම නිමිත්තෙන් විශේෂ සමරු සම්මන්ත්‍රණයක් පසුගියදා ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් සංවිධානය කළ එම අවස්ථාවට චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය පියසිරි විජේසේකර, රංජිත් ධර්මකීර්ති, ගුනසේන විතාන හා ඩබ්ලිව්.ඒ අබේසිංහ යන කලාකරුවෝ සහ ලේඛකයෝ සහභාගි වූහ.
තෝරාගත් විදෙස් සාහිත්‍ය කෘති පරිවර්තනය කරමින් ජීවිත කාලයම සාහිත්‍ය වෙනුවෙන් කැප කළ සිරිල් සී. පෙරේරා ඇගයීමට ලක් කරමින් දේශකයන් විසින් අදහස් පළ කරන ලදී.
ආචාර්ය, ඩබ්. ඒ අබේසිංහ එහිදී අදහස් දක්වමින් මෙසේ කීය.
“සිරිල් සී. පෙරේරගේ තොලස් තොස්තොයිගේ ‘දුප්පත්කම’ කියලා පොතක් තිබුණා. ඔහු 1950 දී සිංහලට නගපු පොතක්. මේ පොත කිව්වට පස්සේ ගැවරවියේ හිටපු මම එකපාරම පරිනත වුණා වගේ දැනුනා. එතුමා මට මුණ ගැහුණේ මගේ ශිෂ්‍ය ජීවිතයෙදී. ඊට පසුව අපි සමානයෝ වගේ වැඩ කළා.
සිරිල් සී. පෙරේරා අරමුණක්, දෘෂ්ඨියක්, දැක්මක් තිබුණ පරිවර්තකයෙක්. අද පරිවර්තනය පිරිහිලා. හොඳ පොත් පරිවර්තනය වෙන්නේ නැහැ. සිරිල් සී. පෙරේරා හොඳ පොත් හොයාගෙන පරිවර්තනය කළා. ඒ මිනිස්සුන්ගේ මිනිස්කම ස්පර්ෂය කරන්න ඕන කියන හැගීමෙන්. ඒ නිසාම ඔහු ඉතා විශිෂ්ඨ මිනිසේක් ලෙස මා දකිනවා.
ඊලඟට එතුමාට උවමණා වුණා මානව බන්දුත්වය හඳුනාගන්න. ඒක කවුරුහරි හොයනවා නම් මෙතුමාගේ පොත්වල ඒක තියෙනවා. එතුමා සාහිත්‍ය කටයුතුවල නියලූන අවදිය, ලෝකයේ සමාජවාදය ගොඩනැගෙමින් තිබුණ අවදියක්. එතුමාමට අදහසක් තිබුණා. සමාජවාදින්, කොමියුනිස්ට්වාදින් ලොකය පෙන්වාදුන්න ජාත්‍යන්තරවාදි, මානව හිතවාදි, මානව බනදුත්වය සඳහා පරිවර්තනය කරන්න.
එතුමාගෙ ඊලඟ බලාපොරොත්තුව තමයි මානුෂ වර්ගයාගේ ඉදිරි ගමන. මිනිස් සංවර්ධනය ආපහු යන්නේ නැහැ. පියවරෙන් පියවට ඉදිරියට යනවා. ඉදිරියට ගිහිල්ලා වඩාත් සුන්දර ලෝකයක් නිර්මාණය කරනවා.

එතුමා පරිවර්තනය කළ ප‍්‍රධාන පොතක් තමයි යුද්ධය හා සාමය. මේක විශාල නවකතාවක්. ඒක එතුමා පරිවර්තනය කළා. ඒක කණ්ඩ 10කින් යුත්ත ප‍්‍රකාශයක්. කවුරුවත් එච්චර ලොකු පොතකට අත තියන්නේ නැහැ. නමුත් ඒක ඔහු කළා.
ඒ පොත පරිවර්තනය සම්බන්ධයේන් එතුමා කළ ප‍්‍රකාශයක මෙහෙම කියනවා.
‘‘ඔබ කොහොමද මෙබදු මහා නවකතාවක් පරිවර්තන කරන්න පෙළඹුනේ?
නවකතා අතර මුදුන් මල්කඩ සේ සැලකෙන මේ පොත පාටකයන් විසින් අනිවාර්යෙන්ම කිවවිය යුතුයි. මෙක පරිවර්තනය කිරීමට බොහෝ කාලට සිට අදහස තිබුණා. නමුත් ප‍්‍රකාශකයෙකු සොයා ගැනීමට නොහැකි වෙයියැයි අදහසින් පසු බට වුණා. ඒ භාරදුර්ය කාර්ය කේ. ජයතිලක මහතා භාරගත් පසු මම ඒක පටන් ගත්තා.’’
ඔහු පරිවර්තනය කළ විශිෂ්ඨ පොත් අතර අනෙත් පොත් තමයි තොල්ස්තොයිගේ ‘කරුමසොව් සහෝදරයෝ’, ෂොලහොව්ගේ ‘පෙරළුෑ නැවුම් පස’ ආදි එතුමා පරිවර්තනය කළ සෑම පොතක්ම අරමුණක් ඇතිව පරිවර්තනය කළා.

නාට්‍යෙව්දී රංජිත් ධර්මකීර්ති කළ අදහස් දැක්වීම මෙසේය.
“සිරිල් සී. පෙරේරාගේ මරණය ටෙලි නාට්‍යයක නළුවෙක් තරම්වත් වැදගත් වුණේ නැහැ. මහා පරිමාණ අවඟුල් උත්සවයක්, ජන සහභාගිත්වයක්වත් තිබුනේ නැහැ. මහා පුරුෂයන්ට ලැබෙන ඉරනම ඒක. රුසියන් සාහිත්‍ය හමුවන ‘ඇන්ටන් චෙකොප්’ ක්ෂය රෝගයෙන් මියගියේ ඔහු වෛiවරයෙක්. වයස අවුරුදු 44යි. ජෙමනියෙදි කිව්වා මට බැන්ඩි ටිකක් බොන්න ආසයි කියලා. බැන්ඩි බීලා ඉන්න කොට ඔහු කිවුවා මම මැරෙනවා කියලා. එහෙම කියලා ටික වෙලාවක් ගියාට පස්සේ දකුණු පැත්තට හැරුණා. ඊට පස්සේ ඔහු මිය ගිහිලිලා. මහා අවමගුල් උත්සවයක් ගන්න ඕන මිනිහෙක්. චොකොප් කියන්නේ රුසියාව කෙටි කතාව රුසියාට හඳුවාදුන් මිනිහෙක්. චෙකොප් ඔහුගේ මිත‍්‍රයෙකුගෙන් ඇහුවළු ‘ඔබ හිතනවාද කොච්චර කල් මගේ පොත් කියවනවයිද කියලා.’ මොහු කල්පනා කළා ඔහු උසස්ම කෙටිකතා කරුවෙක්. ඒ නිසා එයා කිව්වළු වසර 1ක්, 2ක් කියලා. නමුත් දැන් ඇන්ටන් චෙකොප්ගේ 100 වැනි සංවත්සරය පැවැත්වුවා. ඒ වගේ සිරිල් සී. පෙරේරා මහත්මාගේ පරිවර්තනත් සිංහල භාෂාව පවතින තාක්කල් තිබේවි.
එතුමා නිතර කියන දෙයක් තමයි පරිවර්තනයක් කරනවානම් හොඳට කියවන්න. එයාගේ අනෙක් පොත් කියවනන. එයාගේ පසුබීම, දෘෂ්ඨිය, සමාජ ආර්ථික තත්වය කියවන්න ඕන.
ඔහුගේ ජීවිතයෙන් අපිට ගන්න පුළුවන් පාඩම් තිබෙනවා. ඒ ඉවසීම, සතසාභිසය, තමන් කරන දේපිළිබඳ දැක්ම. ඔහුගේ දේශපාලන දෘෂ්ඨිය, දුක් විදින ජනතාවට මේවා කියවීමෙන් ප‍්‍රයෝජනයක් වෙයිද, කියන හැගිම ඔහු තුළ තිබුණා.
තොස්ට් තොයිගේ ‘කර්මසොව් සහෝදරයෝ’ පොත් කියවන කොට අපිව හොල්ලනවා, හිරිවට්ටනවා, හිටගෙන ඉන්න බෑ, වාටිවෙලා ඉන්න බෑ, කෑම කන්න බෑ පොතේ ඉතිරි ටික කියවන්න ඕන. සංවාද, ප‍්‍රශ්න, මේකෙන් මොකක්ද වෙන්නේ. පොත්වල තියෙන පණ නැති අකුරු, විලංගුදාල අපිව එහාට මෙහාට අදිනවා. ඒවගේ ශක්තියක් එතුමාගේ ලේඛනයේ තියෙනවා.
ඔහු ඉවසීමේන් වැඩ කළා. එහෙම කළ සිවිලිම් චිත‍්‍ර, බිත්තිවල පින්තුර, පොත්වල කවරවලට ඇඳපු චිත‍්‍ර ගොඩාක් සුන්දරයි.

සිරිල් සී. පෙරේරා සමග එක්ව කටයුතු කළ තවත් ලේඛකයකුවන ගුණසේන විතාන කළ අදහස් දැක්වීම පහත සටහන් වේ.
“සිරිල් සී. පෙරේරා මහත්මයත් එක්ක මම අවුරුදු 50කට කිට්ටු කාලයක් ජිවත් වුණා. ඔහු මිය යන දවස් වෙනකම්ම ඒ ඇසුර තිබුණා. මේ කාලය තුළ අපිට විශාල අතදැකිම් රාසියක් ලබාගන්න පුළුවන් වුණා. ජනාතාවට දැඩිව ආදරය කළ කෙක් තමයි මොහු. ඒ නිසා සංකල්පයක් තිබුණා. වැඩිය කියවමු අඩුව ලියවමු කියලා. යුද්ධය හා සාමය පොතේ පරිවර්තනයට වඩා වැඩිය වැදගත් දේවල් තිබුණා සඥාපනයේ. මට මතකයි ජර්මනියේ වදක කඳවුරක් බලන්න ගිය වෙලාවේ. ඒ කඳවුර ගැන ඒතුමා පොතක් ලියලා තිබුණා. ඒ කඳවුරේ තිබුණ දේවල් ඇසින් දැකලා මිනිසුන්ගෙන් අහලා එවා ගබඩාකරගෙන ඇවිල්ලා වෘක්කයන් අතර නග්නව පරිවර්තනය කළේ. එතුමා හුගාක් කියවලා ටිකක් ලිව්වා. ඒ ලියුටික අපේ සාහිත්‍ය තුළ නොමැකි තියෙනවා.
මට මතකයි අන්තිම දවස්වල මම නිතරම ගියා. ඒතකොට කිව්වා වානර නග්නව පොත ලියන්න ආසායි කියලා. ඒ කියන්නේ පරිනාම වාදය පිළිබඳව ඩාවින්ගේ න්‍යායට විරුද්දව ඇමරිකානු අදිකරණයට චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කළා නීතිඥයන් පිරිසක්. ඒක මාස ගණනක් ඒ උසාවියෙ ඇහුවා. ඒකෙන් ඔවුන් කල්පනා ලෝක අවදානය ගන්න. මේතරම් වැදගත් සොයා ගැනීමක් කරලා තියෙද්දි ඇයි අමෙරිකාව නිශ්ශබ්දව ඉන්නේ ඇයි කියලා කියන්න. ඒකදිගට ගියේ නැහැ අමෙරිකාවේ සියලූම විශ්වවිද්‍යාලවල මානව විද්‍යා විෂයට ඇතුලක් කළා. මම දන්නවා ඒකෙන් කොටසක් ඔහු කළා. ඒකත් කළානම් ඒක වැදගත් පොතක්. මම ඉතාමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා සිරිල් සී. පෙරේරාගේ ‘වානර නඩුව’ දරුවන්ගේ අතින් ලියලා හරි අපට කියවන්න ලැබේයි කියලා. මම බලාපොරොත්තු වෙනවා.“

Save