ලොකුම නත්තල් ගහ ගැන සාකච්ඡාවේදී අගරදගුරු එකග වේ

ලෝකයේ උසම නත්තල් ගස වාර්තාව තැබීම සදහා විරෝධය පළ කළ අගරදගුරු මැල්කම් රංජිත් හිමි පසුව කළ සාකච්ඡාවකින් අනතුරුව එය ඉදිකරනවාට විරුද්ධ නැති බව දන්වා ඇත.

අගරදගුරු මැල්කම් රංජිත් හිමි සමග 11 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ සහ මුදල් ඇමැති රවි කරුනානායක කල සාකච්ඡාවකින් පසු මෙම එකගතාව ඇතිවී තිබේ. විශාලතම නත්තල් ගස සදහා වැය කරන මුදලින් දිලින්දන්ට නිවාස ඉදිකළ හැකි බවත් එය නාස්තිකාර වියදමක් බවත් කළ ප්‍රකාශයෙන් පසුව ආන්ඩුව එහි ඉදිකිරීම් නතර කලේය. පසුව එම වියදම් සපුරන්නේ පෞද්ගලික අරමුදල් වලින් බවත් රජයේ මුදල් වැය නොකරන බවත් පවසමින් එයට එකග වන ලෙස අගමැතිවරයා ඉල්ලා ඇත. මෙම ව්‍යාපෘතිය අතරමත නැවතීම නිසා ආණ්ඩුවට ඇතිව තිබෙන අපකීර්තිය සලකා එය දිගටම කරගෙන යාමට එකග වන ලෙසද එහිදී ඉල්ලීමක් සිදුකර තිබේ. අවසානයේදී අගරදගුරු හිමි එයට කැමැත්ත පළ කර ඇත.

අගරදගුරු හිමි පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ලක්ෂ 120ක් වැනි ධනයකින් දිලින්දන්ට නිවාස සාදා දිය හැකි බැවින් මෙය නාස්තියක් බවයි. එය පෞද්ගලික ධන පරිත්‍යාගයකින් සිදු වුද රජයේ අරමුදලක් යට කළ ද නාස්තිකාර වියදමක් නොවන්නේ කෙසේද යන්න විමසිය යුතු ප්‍රශ්නයකි.

Leave a Reply