தமிழ்
English
Contact
Saturday 26th August 2017    
නාවික හමුදාපතිට එරෙහි චෝදනා නැතිලු! « Lanka Views | Views of the truth

නාවික හමුදාපතිට එරෙහි චෝදනා නැතිලු!



නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට පහර දීම ගැන සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි මාධ්‍යවේදින් අද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවිගෙන් විමසූ විට ඔහු කීවේ පහරදීමක් ගැන ගැන පැමිණිලි ලැබී නැති බවයි.

ඡායාරූප හා වීඩියෝවල දර්ශන පෙන්වමින් එම ප්‍රශ්නයම ඇසූ විට ‘ඒ ගහනවා නෙමෙයි. අයින් වෙන්න කියනවා.‘ යැයි ද ඔහු කීවේය. එසේම හම්බන්තොට වරායේදී නාවික හමුදාපති තමන්ට පහර දුන් බවට ච්දනා කරමින් මාධ්‍යෙව්දින් දෙනෙකු පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

හම්බන්තොට වරායේ වර්ජනය වර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදී මත්තල රොෂාන් දිලීප් කුමාරගේ රාජකාරිය අවහිර කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න එම මාධ්‍යවේදියාට පහර දී තිබිණි. එසේම සිරස මාධ්‍යෙව්දි ඩෙන්සිල් රත්නායකට ද ප්‍රහාරයක් එල්ල විය. හම්බන්තොට වරායේ විරෝධතාවයේ යෙදුණු වරාය සේවකයන් විසුරුවා හැරීමට පැමිණි නාවික හමුදා පිරිස අතර කොට කළිසමක් ඇඳ සිටි අයකු ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහර දෙන අයුරු කැමරාවල සටහන් වී තිබිණි. නාවික හමුදාපති මාධ්‍යවේදියාට අසභ්‍ය ලෙස බැණ වදිමින් ඇදගෙන ගොස් පහර දුන්නේ තමා මාධ්‍යවේදියකු බව කියද්දීමය. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න පහරදීම ගැන විමසූ විට කීවේ ඒ ගැන සොයා බලා පිළිතුරක් දිය හැකි බවයි.

නාවික හමුදාපතිගේ මෙම පහරදීම සම්බන්ධයෙන් රටේ පවතින නීතිය අනුව ඔහු අත්අඩංගුවට ගෙන අදිකරණයට ඉදිරිපත් කළ යුතු වන්නේ පොලිසිය විසිනි. නාවික හමුදාපතිවරයා රාජකාරි නිලඇදුමක නොසිටි බැවින් ඔහු සැලකෙන්නේ සිවිල් වැසියකු ලෙසය. එසේම සිවිල් ගැටුමක් මැඩ පවත්වන්නට නාවික හමුදාවට අන දුන් වගකීමක් කිසිවකු මෙතෙක් භාරනෙ නැති තත්වයක් තුළ මහජන සාමය බිද දැමීම හා අයුතු ජනරාහිය වැින චෝදනා මෙන්ම ගිනි අවි ආඥාපනත යටතේ වුවද නාවික හමුදාපති හා සොල්දාදුවන්ට එරෙහිව නීතිය ක්‍රයාත්මක කළ හැකිව තිබේ.

කෙසේවෙතත් මෙම හමුදාපතිවරයාගේ ක්‍රියා කලාපය නිසා ඔහු ගැන පරික්ෂණයක් පැවැත්වෙන බවත් ආරක්ෂක අමාත්‍යංශ ආරංචි කියයි. නාවික හමුදාවට අදාළ නීතිය අනුව  යුද අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ආරක්ෂක අංශ ආරංචි කියයි.