එක්සත් ජනපදය හා නෝර්වේ මැදිහත් වී වේලුපිල්ලේ ප්‍රබාකරන් ගලවාගැනීමේ උත්සාහයකට ඉන්දියාව සහයෝගය නොදුන් බවද තමිල්නාඩු නායකයන්ද එම ස්ථාවරයට එකග වූ බවද හිටපු ඉන්දිය ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් පවසයි.
‘Choices: Inside the making of India’s Foreign Policy’ නමින් ඔහු පළ කළ පොතක මේ බව සටහන් වේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය මිලිටරිමය වශයෙන් පිසදාහැරීමට ඉන්දියාවේ සහයෝගය ලබා නොදුන්නා නම් සිදුවන අවාසිය සලකා බැලීමට සිදු වූ බව එහිදී හිවශංකර් මෙනන් පෙන්වා දෙයි. ඉන්දිය අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමෙන් එල්ටීටීඊය ඉන්දියාවේ තිබුනු පුලුල් සහයෝගය අහිමි කරගත් බවද හිටපු ඉන්දිය ආරක්ෂක උපදේශකවරයා එම කෘතියේ සදහන් කරයි. කෙසේවෙතත්, රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දීමේදී සිදුවන අවාසි ගැනද අවබෝධයක සිටි බව ඔහු දක්වයි. යුද්ධයෙන් ජයගත් පසුව රාජපක්ෂ බලයේ ග්‍රහණය වඩාත් තරකරගන්නා බවද ඒ නිසාම ඉන්දියාවට පාලනය කළ හැකි සීමාවෙන් ඔබ්බට ගමන් කරන බවද ඉන්දියාව ගනන් බලා තිබිණි.
විශේෂයෙන් චීනය හා පාකිස්ථානය ලංකාව සමග සමිපව සිටි තත්වයක් තුල ඉන්දිය නායකයකු ඝාතනය කළ සංවිධානයක් මර්දනය කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය නොදීමෙන් ලංකාව වෙනත් භූ දේශපාලනික අවශ්‍යතා ඇති රාජ්‍යයන් යමග සමීපවීම පිලිබද ඉන්දියාව ගණන් බැලු බව ද ඔහු සදහන් කර ඇත. බාහිර හා අභ්‍යන්තර සාධක කලමනාකරනය කරමින් ලංකාවේ යුද්ධය පිළිබද ස්ථාවරයට එන්නට ඉන්දිය රජය සමත් වූ බවත් එවකට ආරක්ෂක උපදේශක නාරායනන් හා විදේශ ඇමති ප්රනාබ් මුඛර්ජි එහිදී විශේෂ කාර්යයක් ඉටු කළ බවද ඔහු දක්වයි. විශේෂයෙන් ප්‍රබාකරන් යටතේ තමිල් ඊලමක් බිහිවන්නේ තමිල්නාඩුවේ නායකයන්ගේද පැවැත්ම අභියොගයට ලක් කරමින් එම දෙමළ රාජ්‍ය ව්‍යාප්ත කිරීමේ ඉලක්ක ඇතිව බව තමිල්නාඩුවේ දේශපාලන නායකයන්ට අවබෝධයක් තිබුනු බව මෙනන් සිය කෘතියේ දක්වා ඇත.


