එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස අන්තෝනියෝ ගුටරස් දිවුරුම් දෙයි.

එක්සත් ජාතීන්ගේ මීළග මහ ලේකම් ලෙස පෘතුගාලයේ හිටපු අගමැති අන්තෝනියෝ ගුටරස් ඊයේ එක්සත් ජාතීන්ගේ මීළග මහ ලේකම්වරයා ලෙස ඊයේ දිවුරුම්දී ඇත.

එම දිවුරුම්දීම සිදුව ඇත්තේ ඊයේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 නියෝජිතයන්ගෙන් සමන්විත මහා මණ්ඩල සැසිවාරයකදීය.

අන්තෝනියෝ ගුටරස් මේ අනුව එක්සත් ජාතීන්ගේ නව වැනි මහ ලේක්ම්වරයා ලෙස ලබන ජනවාරි මස 01 වැනි දින සිට වසර 05ක කාලයක් සදහා පත්වනු ඇත.

ඔහු එක්සත් ජාතීන්ගේ මහලේකම් ධූරයේ දිවුරුම්දීමට පෙර එක්සත් ජාතීන්ගේ  සරණාගතයන් සදහා වන මහ ලේකම් ලෙස වසර 2005 සිට 2015 දක්වා වසර දහයක කාලයක් කටයුතු කර තිබුනි.

1995 සිට2002 දක්වාපෘතුගාලයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අන්තෝනියෝ ගුටරස් ඔහු දැනට  67 වියේ පසුවේ.

Save

Leave a Reply