සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් අවතැන්වූ ජනතාව සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට පැමිණි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එම ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (22) සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විනි. එහිදී ප්‍රදේශවාසීන් විරෝධය දැක්වුයේ පිපිරීම සිදුවී මේ වනවිට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් තමන්ට හිමිවියයුතු වන්දි මුදල් නොලැබුණු බව කියමිනි.