ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ සාකච්ඡාවක් සදහා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් කැදවා තිබේ. හෙට(19) සවස 07.00ට කොළඹ පදනම් ආයතනයේදී එම හදිසි සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගෙනයන ප්‍රචාර සහ රැස්වීම් සංවිධානය කිරීම් හමුවේ ශ්‍රී.ල.නි.ප. තුළ පවතින විවිධ සෙලවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එංගලන්තයේ සංචාරයෙන් පසුව ඊයේ පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු කොළඹට කැඳවන්නට ඔහු දන්වා තිබිණි. පවතින අස්ථාවර තත්වයන් වහා වෙනස් කිරීම සදහා ලංකාවට පැමිනි විගස සංවිධායකවරු හමුවීමට අවශ්‍ය බව ඔහු විසින් තම සමීප ඇමැතිවරුන් දෙනෙකුට දන්වා තිබිණි. ඒ අනුව දිනයේදී සියලුම නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු කොළඹට කැඳවා ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත්, ‘ශ්‍රී.ල.නි.ප. පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සමුළුවක්‘ පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බව දන්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සිටින, දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූර දරන සියලු සාමාජිකයින්ට ද ආරාධනාකර තිබේ.