සෞඛ්‍ය අමාත්‍යවරයා අත්තොනෝමතික අයුරින් වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් මාහාචාර්ය කාලෝ ෆොන්සේකා ඉවත් කිරීමට කටයුතු කළහොත් එම මොහෙතෙදීම දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සභාවේ සභාපති ධූරය සඳහා SAITM හිතවාදී පුද්ගලයෙකු පත් කිරීමේ උත්සාහයක් පවතින බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයාට අදාළ තනතුරට පත් කිරීමට බලය තිබුනද ඉවත් කිරීමට කිසිම බලයක් නොමැති බවත්, මහාචාර්ය කලෝ ෆොන්සේකා එම තනතුරේ තවදුරටත් කටයුතු කළ යුතු බවත් එලෙස නොවන්නේ නම් සිය සංගමය අදාළ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමය ප්‍රකාශ කරන ලදි.

