වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට විපක්ෂ නායකයකුවන ලියෝපොල්ඩෝ ලෝපෙස් ඊයේ නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වත්මන් වෙනිසියුලානු මාදුරෝගේ පාලනයට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් වසර තුනක් පමණ සිරගතව සිටි ලෝපෙස් ඊයේ එරට බන්ධනාගාරයෙන් නිදහස ලබා සිය නිවස වෙත පැමිණ බව වාර්තාවේ.
වසර 14ක සිර දඩුවමකට යටත් සිටි ලෝපෙස් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ සෞඛය තත්වය හේතුවෙන් නිදහස් කිරීමට නියම කර ඇත. 2014 වසරේ පැවැති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හා සම්බන්ධවීම හේතුවෙන් ඔහුට විරුද්ධව නඩු පවරා තිබුනි. පසුව එම නඩුව විභාගය අවසානයේ ඔහුව වරදකරු බවට පත් විය.
වෙනුසියුලානු ජනාධිපති නිකොලොස් මාදුරෝ මෙම නිදහස් කිරීම පිළිබදව පවසා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරනයට ගරු කරමින් හා සහයෝගය දෙමින් මෙසේ ලෝපස්ව නිදහස් කිරීමට තීරණය කළ බවයි.
නිදහස් වී පැමිණීමෙන් පැය කිහිපයකට පසුව ලෝපස් පවසා ඇත්තේ මාදුරෝ විරෝධී උද්ඝෝෂොණවලට ඉදිරියටත් සිය සහාය ලබා දෙන බවත් ඉදිරියේදී නැවතත් වෙනුසියුලානු විපක්ෂයේ දේශපාලන කටයුතු බවට සම්බන්ධ වනබවයි.