අධිකරණය විසින් වාරණය කරන ලද ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඩයි “ සිනමා නිර්මාණය සම්බන්ධ නඩු විභාගය අද දින කොළඹ දිසා අධිකරණයේදී කැදවනු ලැබීය.
මෙහිදී දිසා විනිසුරුවරයා නියෝග කොට ඇත්තේ පෙත්සම්කාර ලෙනින් රත්නායකට අද දිනය තුල උසාවියේ පෙනීසිටින ලෙස නියෝග කරන බවයි.
“උසාවිය නිහඩයි“ සිනමා නිරිමාණයට එරෙහිව දැනට පනවා ඇති වාරණය පිළිබදව හෙට 21 දින තුල තීරණයක් ගන්නා බවද වැඩිදුරටත් දිසා විනිසුරුවරයා එහිදී පවසා ඇති බව වාර්තාවේ.