ලිංගික ශ්‍රමිකයා සහ අයිතිවාසිකම් සුරැකීම, නීතිගත කීරීම, යන මාතෘකා පසුගිය දිනවල පුවත්පත්වල සාකච්ඡාවට බඳුන් වී තිබෙණු ද ’ජනරළ’ පුවත්පතේද ඊට අදාළව කොළමක් සහ ලිපියක් පළවී තිබෙණුද දැකිය හැකි විය. ගණිකා වෘත්තිය නීති ගත කළ යුතුද නැද්ද යන්න සාකච්ඡාවට බඳුන් කිරීමට මත්තෙන් මෙම ප්රශ්නය පිළිබඳව අප විසින් සංවාද කළ යුතු පාර්ශ්වයන් දෙස අවධානය යොමු කළ යුතු යැයි අප සිතමු. විශේෂයෙන් ’ගණිකා වෘත්තීය’ ලෙස ස්තී‍්‍ර නාමකරණයක් යටතේ සාකච්ඡාවට බඳුන් වන උක්ත විෂය සම්බන්ධයෙන් ස්තී‍්‍රන්ගේ ආර්ථික හා සමාජමය නිදහස වෙනුවෙන් පෙනී සිටින අප සංවිධානයේ අදහසද මෙලෙස සටහන් කරමු.
ගණිකා වෘත්තියෙහි යෙදෙන්නෝ ස්තී්රහු පමණක්ද
විවිධ සමාජ ආර්ථික අර්බුදවලට හසු වූ සමාජයක සතුට, සැනසීම, රැකවරණය මෙන්ම ලිංගික අව්යතාවන්ද අර්බුදයට යාම අනිවාර්යය. එවන් සමාජයක පෞද්ගල ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගණිකා වෘත්තිය පැවතීමත් එය වඩ වඩා පැතිරීමත් සිදුවිය නොහැක්කක් නොවේ. දිනෙන් දින වැඩිවෙමින් පවතින ළමා ලිංගික හිංසනල ඝාතන අපරාධ රැල්ලක් ලෙස ඉහළ නැඟීමට හේතුවද මෙම ලිංගික ක්ෂේත්රයේ පවත්නා අර්බුදයමය. කෙසේ වෙතත් මෙම වෘත්තීය ස්තී‍්‍ර පාර්ශ්වීය වෘත්තියක් නොව ස්තී‍්‍ර පුරුෂ දෙපාර්ශ්වයම නියෝජනය වන වෘත්තියකි. සංචාරක ක්ෂේත්රය පුරාත් ඉන් මෙපිටත් කුඩා පිරිමි දරුවන්ගේ සිට නව යොවුන්, යොවුන් හා වැඩිමහල් පිරිමින් දක්වා පුරුෂයන්ද ස්ත්‍රීන්ද යෙදෙන වෘත්තියකි. එහෙත් එය හුදු ස්තී‍්‍ර නාමකරණයක් ගන්නවා පමණක් නොව ස්තී‍්‍රන්ගේ වෘත්තියක් ලෙස සමාජ මනෝභාවයන් තුළද පැළපදියම් වී ඇත. එසේම එම මනෝභාවයන් පොලිසිය අධිකරණය වැනි නීතිමය ක්ෂේත්‍ර තුළ තහවුරු වී පොලිසිය හරහා ඊට එරෙහි කි්රයාකරකම් සිදු වන්නේ පුරුෂෝත්තමවාදී මනෝභාවයන් තුළ ස්ථාන ගතවීමෙනි.
ගණිකා වෘත්තිය කොපමණ සංඛ්‍යාවකගේ ජීවන වෘත්තිය වේද?
ජීවත්වීමේ අවශ්‍යතාවය පෙරදැරි කොටගෙන මුදල් උපයාගැනීමේ අරමුණින් ශරීරය විකුණන පුද්ගලයන්ගේ ප්‍රමාණය කොතෙක්ද`? නීතියේ තාඩන පීඩනවලට ලක්වන කොටස වන්නේ වීදීයේ සරණ පිරිස සහ ගණිකා නිවාස ගතවී සිටින පිරිසය. එහෙත් මේ පිරිසට අමතරව අර්ධකාලීනව ශරීරය විකීණීමේ යෙදී සිටින සැලකිය යුතු පිරිසක් වේග විශේෂයෙන් ජනමාධ්‍ය හා කලා ක්ෂේත්රයේත් මේ පිරිස වැඩිය.
ඔවුන්ගේම සමහර සාකච්ඡාවලදී ඉස්මතුවන කරුණු අනුව අධ්යක්ෂ මණ්ඩලයට පැනගැනීමටත් ඔවුන් ලබාදිය යුතු අල්ලස වන්නේ ශරීරයයි. වෙනෙකක් තබා මේ වන විට දරුවකු පාසලට ඇතුළත් කර ගැනුමේදී පවා ශාරීරික අල්ලස් දීමට සිදු වන තත්වයකට ස්තී‍්‍රන් පත්ව ඇත. මේ සියල්ලේ පදනම මුදල්ය. මුදල් නොමැති වූ විට ඒ වෙනුවට ශරීරය විකිණීමට සිදුවී ඇත. අවසානයේදී බොහෝ ස්තී්රන්ට වතාවක් දෙවතාවක් හෝ සිය දහස් වතාවක් සිය ශරීරය විකුණන්නට සිදුවීම, විකල්ප නැති ලොවක පුදුම එළවන සුළු දෙයක් නොව යථාර්ථයම පමණි.
කෙනෙකු ගණිකා වෘත්තියට එළැඹෙන්නේ කැමැත්තෙන්ද
ලංකාවේ නීතියට අනුව විවාහ ගිවිසුමකට එළැඹී නීතිය ඉදිරියේ විවාහක යුවළක් ලෙස පිළිගත් දෙදෙනකුට හැර අනෙක් කිසිවකුට ලිංගික කි‍්‍රයාකාරකම් තහනම්ය. :ආදරය හෝ පේ‍්‍රමය නීතිය තූළ අන්තර්ගතව නැත. ලංකාවේ බහුතරයකගේ ආගම අනුවද මෙම නීතිමය තත්වය‘කාමමිථ්‍යාචාරයේ හැසිරීම බරපතළ වරදක්ය‘ යන ලෙසින් වඩ වඩාත් සමාජය තුළ තහවුරු කොට ඇත. ආසියාතික සිතුම් පැතුම් ආකල්ප මත ගොඩනැඟුනු ජන සමාජය තුළ ඒකභාර්යා ව්‍රතය, පතිභක්තිය,‘සැමියා බිරිඳගේ දෙවියාය‘ආදී සංකල්ප හරහාද වඩ වඩාත් මුල් බැසගෙන ඇත්තේ වැට නොපැනිය යුතු ගැහැනියක පිළිබඳ පුරුෂෝත්තමවාදී ආකල්පයන්ය. මෙබඳු සමාජයක ගැහැනියකි.‘ගණිකා වෘත්තිය‘
තෝරාගන්නේ නම්, එක්කෝ ඇගේ ජීවිතයේ සියලූ බැඳීම් ලිහී විසිරී ගොස් තිබිය යුතුය. නොඑසේනම් තමනුත් පවුලේ අයත් ජීවත් කරවීම සඳහා කිසි¥ විකල්පයක් නොමැතිව නන්නත්තාර වී සිටිය යුතුය. මෙම වෘත්තියේ යෙදෙන බොහෝ අයගේ අතීතය හාරා ඇවිස්සූ විට මතුවන්නේ මෙකී තත්වයන් වුවද ඉන් අනතුරුවත් ගණිකාවක ඒ නමින් පෙනී සිටීමටත් තමන්ගේ සැබෑ රැකියාව ප්‍රදර්ශනය කිරීමටත් ඒ ගැන ඥාතියකු හිත මිතුරකු දැනගන්නවාටත් දැඩි සේ අකමැතිය. ඉතා අභිරුචියකින් වෘත්තියක් ලෙස ශරීරය විකීණීමට තෝරා ගන්නේ නම් ඒ ඉතාමත් අල්පමාත්රයක් පමණි.
සමාජය විසින් ගැහැනියකගේ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් සමාජ
රැකවරණය තහවුරු කිරීමටත් වැඩ පිළිවෙළක් සකසා ඇත්නම් අහම්බෙන් කෙනකු හැර බහුතරයක්ම ශරීරය විකුණන කතුන් ස්වේච්ඡාවෙන්ම එය අතහැර දමනු ඇත. දරුවන් මහ මඟ දමා යන මව්වරුන්, දරුවන් සමඟ දිවි නසාගන්නා මව්වරුන් මෙන්ම ශරීරය විකුණන ස්තී්රන්ද එකී ආස්ථානයට එළැඹෙන්නේ ජීවිතය උභතෝකෝටිකයක් වූ විට නම් එවන් තත්වයකදී නීතිය ක්‍රියාත්මක විය යුත්තේ එකී ස්තී‍්‍රන් කෙරෙහිද? නොඑසේනම් ඇයගේ සමාජමය රැකවරණය හා ආර්ථික රැකවරණය අහිමි කළ සමාජ සංස්ථාව කෙරෙහිද? යන්න ගැනද අප දැඩිසේ අවධානය යොමු කළ යුතුය.
ලිංගිකත්වය හා මානුෂිකත්වය
මිනිසා ලිංගික කි්රයාකාරීත්වයේදී සතුන්ගෙන් වෙනස් වන්නේ එහි අධ්‍යාත්මික පාර්ශ්වයෙනි. ආදරය සෙනෙහස බැඳීම ඇල්ම ආශාව ආදී මානුෂික හැඟීම් සමඟ මිනිස් ලිංගික හැසිරීම් බැඳී ඇත. එය හුදු හෝර්මෝන කි‍්‍රයාකාරීත්වයක ප්‍රතිඵලයක් පමණක් නොවේ. තමන් කිසිසේත් නොහඳුනන, රුචි නොකරන හැඟීම් මාත්‍රයක් හෝ නැති පුද්ගලයකු සමඟ ඇසුරක් ඇති කර ගන්නට සිදුවීම පීඩාවකි. අප්‍රසන්න දෙයකි. එවැන්නකට යොමුකරවීමද මානුෂික නොවන්නකි. එසේම ප්රතිපාක්ෂිකව තමන් ආදරය කරන සෙනෙහස දක්වන කෙනකු සමඟ ඇසුරකට අවස්ථාව තිබිය යුතුය. ප්‍රියයන් හා ජිවිතය බෙදා ගැනුමට කෙනකුට අයිතියක් තිබිය යුතුය.
ශරීරයේ අයිතිය මිනිසා සතුවිය යුතුය. පිරිමින්ටත් ස්ත්‍රීන්ටත් එම අයිතිය තිබිය යුතුය. ස්තී‍්‍රන්ගේ ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය පුරුෂ මූලික සමාජයේදී ඇයට හිමි නොවේ. දරුවන් බිහිකරනවාද නැද්ද යන්න පිළිබඳව මෙන්ම ලිංගික ඇසුර සම්බන්ධවද එකී නිදහස ඇය සතුවිය යුතුය. අප ගණිකා වෘත්තිය සම්බන්ධ ප්රශ්නය දෙස බැලිය යුත්තේත් පොලිසියේ තාඩන පීඩන දෙස බැලිය යුත්තේත් එය නීතිගත කළ යුතුද නැද්ද යන්න සිතිය යුත්තේත් ලිංගිකත්වය හා බැඳුනු මානුෂිකත්වයද ශරීර අයිතියද මුල් කර ගනිමිනි.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය
ජනරළ පුවත්පත ඇසුරෙනි