පසුගිය සිකුරාදා රති්ර ප්රංශ අගනුවර ව පැරිසියේ ස්ථාන 03ක සිදුවූ බෝම්බ පිපිරීමි හා වෙඩි තැබීම් හේතුවේ මේවන විට 129ක් මියගොස් තවත් 350කට ආසන්න ප්රමාණයක් තුවාල ලබා ඇත.
ප්රංශ්ය හා ජර්මන් කණ්ඩායම්වල සහද පාපන්දු තරගයක් පැවැති කි්රඩාංගණයද මෙම බෝම්බ ප්රහාරයට ලක්විය. ඒ මොහොතේ ප්රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේද මෙම තරගය නරඹමින් සිටි අතර පසුව සිදුවීම මෙන් පසුව එරට ආරක්ෂක අංශ ජනාධිපතිවරයාව ආරක්ෂා සහිතව ඉවත් කරගෙනයාමට සමත්විය.
පසුව ජනාධිපතිවරයා ජාතිය අමතමින් මෙම ම්ලේච්ඡු ප්රහාරයේ වගකිවයුත්තන්ට ඒවෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන බව පවසා ඇත. මෙම ප්රහාරයෙන් මද වේලාවකට පසුව අයි.එස් වරුන් අන්තර්ජාලය හරහා තම සංවිධානය මෙම ප්රහාරයේ වගකීම භාර ගන්නා බවත් ඉදිරියටත් ප්රංශයට මෙවැනි ප්රතිවිපාක වලට මුහුණදීමට සිදුවන බවත් ප්රකාශකර ඇත.
අයි.එස්.වරුන් පවසන්නේ ප්රංශ්ය සිරියවේ සිදුකරනු ලබන යුදමය මැදිහත්වීම්වලට එරෙහිව තමන් මෙම ප්රහාරය එල්ලකළ බවයි.මීට මාස කිහිපයකට පෙරද ප්රංශයේ ප්රකට වාමාංශික පුවත්පතවන චාලි හෙබ්ඩෝට එල්ල කළ ප්රහාරයෙන් එම පුවත් පතේ ප්රකට කාටූන් ශිල්පීන් කිහිපදෙනෙකෙුද ඝාතනය කර තිබුනි.
මෙම ප්රහාරයත් සමග ප්රංශය තුල හදිසි තත්වයක් ප්රකාශ කළ පංශ ජනාධිපතිවරයා සාය දේශසීමා සියල්ල තාවකාලිකව වසා දැමීමිටද තීරණය කළ අතර ප්රහාරයට සම්බන්ධ ප්රහාරකයින් එරට ආරක්ෂක අංශ මගින් එම අවස්ථාවේදීම ඝාතනය කර දැමිමට සමත්ව ඇත.
නමත් ප්රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සිදුවීමේන පසුව වෙනත් රටවලට පළා යන්නට ඇති බවට සැකයක් එරට ආරක්ෂක අංශවලට අතිව තිබේ.
වසර ගණනාවක සිටි කි්රයාත්මක කෙරෙන මැදපෙරදිග ඉරාකය, ලිබියාව,සිරියාව හා ඇෆ්ගනිස්ථානය යන රටවල නෙටෝ හමුදා සමග එක්ව ප්රංශ හමුදාව මෙහෙයුම්වල නිරතව සිටින නිසා අයි.එස්.සටන්කාමීන්ගේ ප්රබල ඉලක්කයක් බවට ප්රංශය පත්ව තිබුනි.
ඊට අමතරව අවස්ථා කිහිපයකදීම ප්රංශයට එරෙහිව ප්රහාර එල්ල කරන බවට තර්ජන කර තිබුනි.