අද පෙරවරුවේ යාපනය මහාධිකරණයේදී විභාගයට ගත් ලලිත්-කුහන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවට අදාලව සාක්ෂි විමසීම ආරම්භ කළ අතර ඒ සදහා කැදවා තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුනි.
මීට ප්‍රථම අවස්ථා කිහිපයකදී උසාවියට පැමිණෙන ලෙස සිතාසි මගින් දන්වා තිබුනත් එම අවස්ථාවන් කිහිපයකදීම ඔහු අධිකරණය හමුවට පැමිණියේ නැත.
අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි මගින් දන්වා සිටි අනෙක් සාක්ෂිකරැ වූයේ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලය. නමුත් අද දිනද ඔහු අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියේය. එබැවින් අද දින ඔහුට එරෙහිව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. මෙම නඩුවේ සාක්ෂි ලබාදීම සදහා අවස්ථා කිහිපයකදීම හිටපු අමාත්‍යවරයාට සිතාසි යවා තිබුණත් ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීයේය.
අද දින මෙම නඩුව සදහා ලලිත් කුමාර්ගේ පියාද කුහන් මුරුගානන්දන්ගේ බිරිද ඇතුළු සිය නීතිඥයින් වන නුවන් බෝපගේ ඇතුළු පිරිසක් නඩුව සදහා පැමිණ සිටයහ.