නව රේගු පනතට විරෝධය දක්වමින් රේගු වෘත්තීය සමිති එක්ව අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංඛේත වැඩවර්ජනය වෙනුවට රේගු නිලධාරීන් ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇති බව වාර්තා වේ.
මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගය වෙනස් කිරීමට හේතුව ලෙසින් රේගු වෘත්තීය සමිති කරුණු දක්වමින් පවසා ඇත්තේ රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට මෙසේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බවයි. ඊයේ (14) සවස රැස්වූ වෘත්තීය සමිති නියෝජිතයින් මෙම තීරණයට එළඹ ඇත.