රැකියාවිරහිතයන් ගැන ප්‍රකාශ ඇති, විසදුම් දෙන්න – තැන්නේ ඥානානන්ද හිමි

thanne_gnanananda

උපාධිධාරින්ගේ රැකියා විරහිතභාවය පිලිබද අගමැතිවරයා විසින් හදිසියේම කළ ප්‍රකාශය සම්බන්ධව ‘ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නව කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි විසින් ප්‍රතිචාර දක්වා ඇත.

දිවයින පුරා 30,000 ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්ණ පිළිබද තම සංවිධානය විසින් කළ ඉල්ලීම්, නිශ්ඵලව ගිය තැන උද්ඝෝෂනික මට්ටමින් සිදුකරමින් ඇති අරගලය පිලිබද කිසිදු නම්‍යශීලී ප්‍රතිචාරයක් නොදක් රැකියා විරහිතයන් හදිසියේ මතක්වී මෙවැනි ප්‍රකාශ සිදුකිරීම පිළිබද ඒ හිමියෝ විරෝධය පළ කරති. සියලු උපාධිධාරින්ට රැකියා හිමිවියයුතු බව හා ඔවුන් විශ්වවිද්‍යාලයෙන් පිටවී නිවසේ සිටින කාලය මාස 6කට සීමා වියයුතු බවටත් අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දා කළ ප්‍රකාශයක් ජනමාධ්‍ය විසින් වාර්තා කරණ ලදී.

ඒ පිළිබද ‘ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය‘ ඊයේ (13) නිකුත් කළ නිවේදනය පහත පරිදිය.

“රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දෙන බවට අගමැතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධවයි.

2012 වසරේ අප්රේල් සිට දිවයින පුරා රැකියා විරහිත උපාධිධාරීන් 30,000 ක් පමණ රැකියා විරහිත භාවයෙන් පීඩාවට පත්ව සිටී. විවිධ පොරොන්දු දී බලයට ආ යහපාලන ආණ්ඩුව ද මේ ගැටළුවට විසඳුම් නොදී කල් වරමින් ඇත. ආණ්ඩුවේ මෙකී නිහැඬියාවට එරෙහිව රැකියා විරහිත උපාධිධාරීන් සංවිධානය වෙමින් සිටින මොහොතක අගමැතිවරයාට හිටිහැටියේ මේ ගැටළුව මතක්වීම හාස්‍යයයට කරුණකි.

උපාධිධාරීන්ගේ ගැටළු විසඳීමට යැයි කියා අගමැති පත්කළ කමිටුව ද කල්වැරීමේ උප්පරවැට්ටියක් බවට පත්ව ඇත. මෙවන් මොහොතක රැකියා විරහිත උපාධිධාරීන් රැවටීමට කරන, මෙවැනි ප්‍රකාශ වලට හසු නොවන ලෙසත් ආරම්භ කළ අරගලයේ දිගින් දිගටම රැඳී සිටින ලෙසත් රැකියා විරහිත උපාධිධාරී සොයුරු සොයුරියන්ට අපි අවධාරණය කරසිටිමු.

එමෙන්ම විවිධ ප්‍රකාශ නිකුත්කරමින් නොසිට, ආණඩුවේ බලධාරීන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවට විසදුම් ලබාදීමට වහා මැදිහත් විය යුතු බවත් දන්වා සිටිමු.

කැඳවුම්කරු,
තැන්නේ ඥාණානන්ද හිමි“

Leave a Reply