රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න හා හිටපු ශ්‍රී ලන්කන් සභාපති ජනාධිපති කොමිසම හමුවට

nishantha

ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා හා වත්මන් නීතිය හා සාමය පිළිබද රාජ්‍ය ඇමැති පි‍්‍රයංකර ජයරත්න යන දෙදෙනා ලබන 30 වන දින බරපතල වංචා දූෂණ සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.

හිටපු සභාපතිවරයා වූ නිශාන්ත වික‍්‍රමසිංහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මස්සිනාය. ඔහු ශී‍්‍ර ලන්කන් සමාගමේ සභාපතිව සිටියදී සිදුවූ බරපතල චංවා හා දූෂණ සම්බන්ධයෙන් ලැබුනු පැමිණිල්ලකට අනුව මෙම කැදවීම සිදුව ඇති බව වාර්තාවේ.

එවකට මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුයේ පි‍්‍රයංකර ජයරත්තය.

Leave a Reply