රතුපස්වල වෙඩි තැබීමට අණදුන් බ්‍රිෙග්ඩියර් දේශප්‍රිය ගුණවර්ධන අද කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමීනීමට නියමිත බව වර්තාවේ.
රතු පස්වල ජනතාව ජලය ඉල්ලා කළ උද්ඝොෂණයකට යුද හමුදාව යොදවා වෙඩි තැබීමේ චෝදනාව පසුගිය රාජපක්ෂ රෙජිමයේ ආරක්ෂක ලෙකම්වරයා ඇතුලළු පුද්ගලයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ලවී තිබුනි.
අද දින දිවයින පැමිණෙතැයි අපේෂිත බ්‍රිගේඩියර් වරයා වන දේශප්‍රිය ගුණවර්ධන මෙම වෙඩිතැබීමේ සිද්ධියට සෘජුවම වගකිවයුතු පුද්ගලයින්ගෙන් කෙනෙකි. රාපක්ෂ පාලනය විසින් ඔහුව රතුපස්වල සිදුවීමෙන් පසුව තුර්කි තානාපති කාර්යාලයේ තානාපතා නිළදාරියකු ලෙස පත්වීමක් ලබාදදෙන ලදී .
මෙම සිදුවීම වූයේ 2013 වසරේ අගොස්තු 01වැනි දිනයි. එම වෙඩි තැබීමේදී පුද්ගලයන් තිදෙනෙකු වෙඩි වැදී මියගිය අතර තවත් පුද්ගලයන් 33කට තුවාල සිදුවුනි.
එම දිනවල රතු පස්වල ජල ප්‍රශ්නයට මැදිහත්වූ තෙරිපැහැ සිරිධම්ම හිමියේ අද දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශයේ ඇති බුදුමැදුර අසල උපවාසයක් ආරම්භ කර ඇත. උන්වහන්සේ උපවාස කරමින් ඉල්ලා සිටින්නේ අද දින විදෙස් ගතව සිට පැමිණෙන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙසයි.