රත්තනදෙණිය ගම්වාසීහු ජලය ඉල්ලා උද්ඝෝෂණයක !

Protest

බිබිල, මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රත්තනදෙණිය ගම්වාසීහු අද (13) විරෝධතා උද්ඝෝෂණයක යෙදුණහ.

පානීය ජල හිගය නිසා ඇතිව තිබෙන දුෂ්කරතා ගැනත් දෙවසරකට පෙර වැඩ ආරම්භ කළ පානීය ජල යෝජනා ක්‍රමය අවසන් නොකිරීම ගැනත් ඔවුහු චෝදනා කළහ. 2014 දි එවකට ඌව මහඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ විසින් මුල්ගල තබා මිලියන 9ක ප්‍රතිපාදන යටතේ ආරම්භ කළ ජල යෝජනා ක්‍රමයක් අවසන් නොකර තිබීම නිසා ප්‍රෙද්ශවාසීහු ගැටලුවලට මුහුණ දෙති.

 

 

Leave a Reply