වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වෛද්‍ය කාලෝ ෆොන්සේකා එම තනතුරේ තබාගන්නට කාලය දීර්ඝ කරන ලෙස බොහෝ දෙනා ජනාධිපති මෛත්‍රිපාලගෙන් ඉල්ලා තිබුනද එය ඉටු නොකිරීම නිසා අද (30) දින ඔහුට එම ධුරය අහිමි වේ.
ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවේදී රජයේ වෛදය නිලදාරි සංගමය විසින් කළ ඉල්ලීමක් වූයේද මහාචාර්යවරයා එම තනතුරේම තබන ලෙසය. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒ ගැන තීරනය කරන්නට තව කල් තිබෙන බවයි. ඔහුගෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා තවමත් සභාපතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නැත.
ජනතා විරෝධයට ලක්ව තිබෙන මාලඹේ සයිටම් ආයතනයේ නීති විරෝධී ස්වභාවය හා අවම ප්‍රමිතිය හේතුවෙන් එම ආයතනය නීතිගත කිරීමට සදහා ආණ්ඩුව ගත් උත්සාහයට වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය ෆොන්සේකා බාධාවක් විය. අද දින ධුරයෙන් ඉවත්ව යමින් මහාචාර්ය නේසේකා ප්‍රකාශ කළේ ඉදිරියේ පත්වන වෛදය සභා සභාපතිවරයාගේ නායකත්වය තුලද වෛද්‍ය සභාව තමන් සිටි ස්ථාවරයේම සිටිමින් කටයුතු කරන බවට තමන් අපේක්ෂා කරන බවයි.