රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී පොදු දේපළ පනත යටතේ ජූනි මස 20 වන දින අත්අඩංගුවට ගැනුණු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළේය. ඒ අනුව ඔහු ලබන 27 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විනිසුරුවරිය නියෝග කර තිබේ.
අද(13)අධිකරණයෙදී විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ තම සේවාදායකයා පදනම් විරහිතව අත්අඩංගුවට ගෙන තිබීම හා ඔහුගේ දරුවා රෝගී වී සිටීම යන කරුණු සලකා බලා ඔහුට ඇප ලබාදෙන ලෙසයි. නමුත් සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබුණු බව මූලික විභාගයේදී අනාවරණය වී ඇති බවත්, සැකකරුගේ දරුවාට පවත්නා හමේ රෝගී තත්ත්වයට දරුවාගේ මව ළඟ සිටීම ප්‍රමාණවත් බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති බවත් පැවසු අධිකරණය එම ඇප ඉල්ලීම පිළිගැනීමට තරම් එම කරුණු ප්‍රමාණවත් නොවන බව පැවසීය.