අනුරාධපුර නගරයේ කඩ පනහ ප්‍රදේයේ පිහිටි උතුරුමැද මහ ඇමැතිගේ නිල නිවාසයට අයත් ළිඳක තිබී පැරණි ගිනිඅවි උණ්ඩ තොගයක් සොයා ගෙන ඇත.
උතුරුමැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න පදිංචිව සිටින මෙම නිල නිවසේ ළිඳ පිරිසිදු කරන විට මෙසේ ටී පනස් හය අවි සදහා භාවිත කරන උණ්ඩ 256ක් හා තවත් උණ්ඩ 15ක් සොයා ගෙන ඇත. වසර ගණනාවකට පෙර ළිඳට දමන්නට ඇති බවට සැක කෙරෙන මළකඩ බැදී දිරා ගොස් ඇති මෙම උණ්ඩ පාවිච්චියට ගත නොහැකි බවත්, පිටස්තර පුද්ගලයකුට පවා ළිඳට යමක් දැමීමේ ඉඩ කඩ ඇතැයි ද පොලිසිය කියයි. පසුගිය කාලයේ මෙහි පදිංචිව සිටි මහඇමැතිවරු මෙන්ම වරින් වර ගිනි අවි රැගත් පොලිසියේ හා හමුදාවේ පිරිස් මහ ඇමැති ආරක්ෂාවට යොදවනු ලැබ සිටි නිසා ඔවුන්ගෙන් මේ පිළිබද ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවට අදහමසක් ප්‍රකාශ වී ඇත.
පේෂල ජයරත්නට පෙරාතුව බර්ටි ප්‍රේමලාල් දිසානායක සහ එස් එම් රංජිත් යන මහඇමැතිවරු මෙහි පදිංචිව සිටි අතර උතුරු මැද පළාත් සභාවේ ප්‍රථම මහ ඇමැති ජී ඩී මහින්දසෝම හා ඉන් පසු පත් වූ පී බී දිසානායක මහත්වරු මෙම නිල නිවාසයේ පදිංචිව නොසිටි බව කියති.