මහින්දගෙ කාලෙ වගේමයි, සරසවි ශිෂ්‍යයන් අවුරුදුදාත් අට්ටාලවල !

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට මෙවර සිංහල දෙමළ අවුරුදු උත්සවය නිවෙස්වල ගතකරන්නට අවස්ථාව අහිමි වුයේ වත්මන් ආණ්ඩුවේ බලධාරින් සයිටම් ප්‍රශ්නයට නිසි විසදුමක් නොදී නීතිවිරෝධි සයිටම් ආයතනය ආරක්ෂා කරන පිළිවෙතක සිටින නිසා බව අන්තර් විශ්වවිද්‍යායීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ළහිරු වීරසේකර පසුගිය දා ජනමාධ්‍ය අමතමින් මේ බව පැවසීය. දිවයින පුරා වෛද්‍යපීඨ සිසුසිසුවියන් විරෝධතා අට්ටාලවල අද දිනය ගෙවා දමමින් සිටින ආකාරයත් විවිධ සමාජ ක්‍රියාකාරින් මෙන්ම සාමාන්‍ය ජනයා ඔවුන්ගේ සුවදුක් බලන්නට හා අවුරුදු රසකැවිලි බෙදන්නට එම අට්ටාලවලට පැමිණි අයුරුත් අද දින වාර්තා විය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් වෛද්‍ය පීඨවල ආරම්භ කළ  අඛණ්ඩ සත්‍යග්‍රහයට මේ වනවිට  දින 450ක් ගෙවී ඇතත් බලධාරින් කිසිදු විසදුමක් දෙන්නට සූදානම් නැති බව පෙනීයයි. විසදුමක්වි පිළිබද සාකච්ඡාවක් ලබා දීම කෙසේ වෙතත්තා අධ්‍යපන බලධාරින් හෝ ආණ්ඩුවේ බලධාරින් විරෝධය දක්වන ශිෂ්‍යයන් හමුවට පැමිණිම හෝ සිදුකර නැත.  ඒ වෙනුවට උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂමන් කිරි ඇල්ල සහ සෞඛ්‍ය ඇමැති රාජිත  සේනාරත්න සිදුකරමින් ඉන්නේ විරෝධය දක්වන ශිෂ්‍ය ප්‍රජාවට අවමන් කරමින් වහසි බස් දෙඩවීමය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුරසාරම් කියමින් බලයට ආවත් වර්තමාන ආණ්ඩුවේ නායකයන් රටපුරා විරෝධය දක්වන ශිෂ්‍ය ප්‍රජාවගේ හා මව්පියන්ගේ සාධාරණ විරෝධයට ප්‍රතිචාර දක්වන්නේ මහින්ද රාජපක්ගේෂ පාලන කාලයට සමාන ආකාරයෙන් බව ශිෂ්‍ය ක්‍රියාකාරිහු පවසති.

 

Leave a Reply