தமிழ்
English
Contact
Thursday 27th July 2017
Toggle navigation
දේශීය පුවත්
විදෙස් පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග
නිහඩ විරෝධතාවක් සමග මීතොටමුල්ල සංහාරයේ සිරුරු 16ක් අද මිහිදන් කෙරේ!
Posted on 04.17.2017 by Chandana Sirimalwatte in
දේශීය පුවත්
with 0 Comments
මීතොටමුල්ල කුනුකන්ද අසළ ඇතිවූ ආපදාවෙන් මියගිය 16 දෙනකුගේ අවසන් කටයුතු අද දින සිදු කෙරිණි.
මෙම අවසන් කටයුතු සිදුකිරීම රජයේ අනුග්‍රහයෙන් සිදුවන බව ප්‍රකාශ කෙරුණද ඇතැම් පවුල් විසින් එයට විරෝධය පළ කර අද දින අවසන් කටයුතු කරන්නට තීරණය කර තිබිණි. අද දින මෙම අවසන් කටයුතු සදහා සිරුරු රැගෙන ගියේ නිහඩ විරෝධතාවක් සමගිනි. ප්‍රදේශවාසින්, ආගමික නියෝජිතයන්, වාමාංශික පක්ෂ නියෝජිතයන් හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් ඇතුළු බහුජන සංවිධාන මෙම නිහඩ විරෝධකාවයට එක් ව සිටියහ. මේ හා සමාන්තරව කොලොන්නාව අවට පොලිස් භටයන්, විශේෂ කාර්ය බලකායේ, යුද හමුදාවේ සහ බුද්ධී අංශවල සාමාජිකයන් දහසක් පමන රාජකාරි මසදහා කැදවා තිබිණී. ජල ප්‍රහාරක බවුසර්ද අවට නවත්වා තිබෙනු ජනමාධ්‍යෙව්දින්ගේ ඇසට හසු විය.
අවසන් කටයුතු සදහා ලැබුණූ මිනිපෙට්ටි අවමගුල් පෙරහර අවස්ථාවේ ගැලවී ගිය අවස්ථා දක්නට ලැබිණි. ඉන්පසුව විරෝධතාකරුවන්ගේ හිස පැළදි කලුපටිවලින් එම මිනිපෙට්ටි ගැටගසාගෙන අවසන් කටයුතු සදහා ගෙන යන ලදී. අද දින අවසන් කටයුතු කළ සිරුරු අතර කාලොන්නාව කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙස ක්‍රියාකාරී වූ කීර්තිරත්නගේ බිරිය, බෑණා සහ මිනිපිරියද විය.
Save
Please enable JavaScript to view the
comments powered by Disqus.
Related News