මීතොටමුල්ල සංහාරයේ මරණ 28යි – අතුරුදන්වූවන් ගණන අවිනිශ්චිතයි!
Posted on 04.17.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මීතොටමුල්ල ඛේදවාචකයේදී අහිමිව ගිය මිනිස් ජීවිතවල වගකීම ආණ්ඩුව භාරගතයුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. කුණුකන්ද අසළ හටගත් ඛේදවාචකයෙන් පසුව සොයාගත් මලසිරුරු ගණන 28 දක්වා ඉහළ ගොස් ඇත.
ජිවිත අවදානම පිළිබද කල්තියා සදහන් කරමින් කුනු දැමීම නවතන ලෙස ප්‍රදේශයේ ජනතාව කළ උද්ඝෝෂනවලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද පිලිතුරු දන්නේ පොලිස් ප්‍රහාරවලිනි. ව්‍යසනය සිදු වූ පසුව ඊයේ(16) දිනය අවසානයේ සිරුරු සෙවීමේ මෙහෙයුම්වල යෙදුණූ ආරක්ෂක අංශ විසින් මිය ගිය පුද්ගලයන් 27 දෙනකුගේ සිරුරු සොයා ගෙන තවත් පුද්ගලයකුගේ පාදයක් පමණක් සොයාගෙන තිබේ. ඒ අනුව දැනට සොයාගෙන ඇති මළ සිරුරු සංඛ්‍යාව අනුව පමණ මිය ගොස් ඇති සංඛ්‍යාව තහවුරු වේ. ඒ අතර විවාහ මංගල කටයුත්තකට පැමිණී ඥාතින් පිරිසක්ද වූහ. සොයාගත් මළ සිරුරු අතර කුඩා දරුවන් හය දෙනෙකු ද සිටී. මීට අමතරව ඇතිවූ විනාහයෙන් බොහෝ දෙනෙක් අතුරුදන්ව සිටිති. ප්‍රෙද්හයේ ග්‍රාමසේවක නිලධාරියාගේ නිවසද මෙම අනතුරට පත්ව ඇති අතර ඔහු සතු වාර්තා විනාශවීමෙන් ප්‍රෙද්ශවාසින් සම්බන්ධ නිහ්චිත ගනනය කිරීමක් සිදුකිරීමට අපහසු තත්වයක් උදා වී ඇත. කෙසේ වෙතත් රජයේ සංඛ්‍යාෙල්ඛන අනුව නිශ්චිත වශයෙන් ප්‍රෙද්හයේ පැවැති නිවාස සංඛයාව හා එහි වාසය කළ පිරිස කවුරුන්දැයි හෙලිකරගත හැකිය. ඒ මගින් අතුරුදන් වූ සංඛ්‍යාව කොපමණදැයි ගණනය කළ හැකිව තිබියදීත් වගකිව යුතු ආයතන කිසිවක් තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නැත. එවැනි තොරතුරු හෙළිදරව් කිරීමෙන් වැලකී සිටින්නැයි නිලදාරින්ට දේශපාලන බලපෑම් එල් වී ඇතැයිද චෝදනා නැගී තිබේ.
මීතොටමුල්ල කුණු කන්ද අසළ ඛේදවාචකය ආරම්භ වූයේ අප්‍රේල් 14 වැනිදා සවස 1.00ට පමණය. එදින බොහෝ ප්‍රදේශවාසින් විවේකීව නිවෙස්වල ගත කළ බවත් සිංහල දෙමළ අලුත් අවුරුදු වෙනුවෙන් චාරිත්‍ර කරමින් සිටි සිංහල හා දෙමළ ජනතාවට අමතරව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවද සමගියෙන් එම ප්‍රීතිය බෙදාගන්නට එක් ව සිටි බව ප්‍රදේශයේ වැඩිහිටියන්ගේ අදහසයි. මේ නිසාම අතුරුදන්වූවන් අතර ජන කණ්ඩායම් සියල්ල නියෝජනය කරනවුන් සිටිය හැකි බවට අනාවැකි පළ වී ඇත.
Related News