தமிழ்
English
Contact
Sunday 27th August 2017    
මීතොටමුල්ල මරණ ඉහළ යාමට හේතුව හදිසි පියවර නොගැනීමයි! « Lanka Views | Views of the truth

මීතොටමුල්ල මරණ ඉහළ යාමට හේතුව හදිසි පියවර නොගැනීමයි!



මීතොටමුල්ල කුනුකන්ද අවට නිවාස විනාශවී ජනයා පවුල් පිටින් යටවීමෙන් මරණ සහ අතුරුදන්වීම් ඉහළ යාමට හේතුව යටවූවන් ගලවාගැනීම් සදහා නිසි පියවර ගැනීම ප්‍රමාද කිරීම බව ආපදාවට පත්වූවන්ගේ ඥාතීහු චෝදනා කරති.

අප්‍රේල් 14 පස්වරු 1.00ට පමණ මෙම විනාශය ආරම්භ වුවද ආපදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගෙන නොතිබිණි. සන්නද්ධ භටයන් සියගනනක් ස්ථානය අවට රැකවල් වොදා කිසිවතුට ආපදා ස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදී තිබුණු බව විපතට පත්වූවන්ගේ ඥාතින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදී. මේ සම්බන්ධව අද පැවති ජනමාධය හමුවකදී අදහස් දක්වමින් ප්‍රෙද්ශවාසියකු පවසා සිටියේ මධ්‍යම රාත්‍රි උදාවීමෙන් පසුවද කිසිදු ගලවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක නොවන විට අසල්වැසියන් බලහත්කාරයෙන් බැකො යන්ත්‍ර  ගෙන සුන් බුන් යට වැලලී සිටිවුන් ගොඩගැනීමට කටයුතු ආරම්භ කර ඇත. සන්නද්ධ හමුදාව එම කටයුතු සදහා මැදිහත්වී ඇත්තේ එම තත්වය පාලනය කිරීමට නොහැකි තත්වයක් තුළය. මෙසේ ආපදා මෙහෙයුම් තුලින් කුනුකන්දට හා නිවාස සුන්බුන්වලට යටවූවන්ගලවා ගන්නට ආණ්ඩුවේ නියකයන් පියවර නොගත්තේ මරණ සංඛ්‍යාව ඉහළ යාමෙන් පසුව කුනුකන්ද අවට වැසියන් පළවාහැරීමේ මානසික යුද්ධය සාර්ථක වේ යැයි පූර්ව නිගමනයකින් බවට සැක පහළ වී ඇත.

පසුගිය වසර හයක පමන කාලය් මෙම කුනුදැමීමට එරෙහිවූවන්ට පහරදෙමින් සහ අධිකරන නියෝග දෙමින් පාලකයන් උත්සාහ කලේ කුනුකන්ද දිගටම පවත්වාගෙන යමින් ප්‍රෙද්ශවාසින් සිය ගම්බිම්වලින් ඉවත් කරවා වෙනත් ස්ථානවලට පළවා හැරීමටය. එසේ පරම්පරා ගනනක් වාසය කළ ස්ථාන හැරයාම වෙනුවට තමන් මත බලෙන් පැටවූ කුනුකන්ද ඉවත් කරන ලෙස අරගලයක් මීතොටමුල් ජනතාව විසින් ආරම්භ කලේ මහින්ද රාජපක්ෂගේ මිනිමරු මර්දනකාරි පාලනයට පවා අභියෝග කරමිනි.

මේ වනවිට වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දුව ඉටු නොකර මිනිස් ජීවිත ගණනාවක් මරුවැලදගෙන ඇත. නිලවාර්තා අනුව 16 දෙනකු මරණයට පත්ව ඇත. දැනට අතුරුදන්ව ඇතිවුන්ද සලකා බලන විට මරණ සංඛ්‍යාව තවත් ඉහළ යාහැකි බවට අනුමාන කෙ‍රේ. පවුල් 60ක පුද්ගලයන් 250 දෙනකු මෙම විපතට ඍජුව මුහුණ දුන් බව විල වාර්තා හෙලි කරයි. අතුරුදන්වූවන් 100ක් පමන සිටින බව ප්‍රෙද්ශවාසින් ජනමාධ්‍ය වෙත හෙලිකර තිබිණි. කෙසේවෙතත් සමාජ ක්‍රියාකාරින් පවසන්නේ මේ පිළීබද නිල වාර්තා හෙළි නොකර ආණ්ඩුව සත්‍ය වසන් කරන්නේ ජනතා විරෝධයට මුහුන දීමට නොහැකි නිසා බවයි.

ජලප්‍රහාරක රථ කැදවා ඇති අයුරු

පාසල් සිසුවියකගේ මළ සිරුර

ඇමති සාගල රත්නායක ගිනි අවි රැගත් භටයන් පිරිවරා පැමිණේ

ආපදා මෙහෙයුම් පමා වීමෙන් මරණයට පත් තරුණයෙක්

දේශපාලකයන්ට චෝදනා නගන කාන්තාවක්

Save

Save

Save

Save




Related News