මීතොටමුල්ලේ මරණ 16ක්
Posted on 04.15.2017 by janaka thushara in දේශීය පුවත් with 0 Comments
මීතොටමුල්ලේ කුණු කන්දට යටවීමෙන් 16 දෙනකු මරණයට පත්ව තිබේ. ඒ අතර කුඩා දරුවන් පස් දෙනකුද සිටින බව වාර්තා වේ. කාන්තාවන් හත් දෙනකුද මරණයට පත්ව ඇත. එක් අයකු මරණයට පත්ව තිබෙන්නේ රෝහල්ගත කිරීමෙන් පසුව බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.
කුණු කන්ද නාය යාමෙන් තුවාල ලැබූ 12 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර තවත් කිහිප දෙනකු බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
නිවාස 145ක් පමණ කුණු කන්දට යට වී තිබෙන අතර නිවාස රැුසකට අලාභ හානි සිදුව තිබේ. පවුල් 180කට අයත් පුද්ගලයන් 625 දෙනකු අවතැන්ව සිටිති.
කුණු කන්ද නාය ගිය වහාම ඊට යට වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ නොවුණු බවත් මෙහෙයුම් ආරම්භ වූයේ පැය 11කට පමණ පසුව බවත් එම නිසා මිය ගිය පිරිස ඉහළ ගිය බවත් ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

Related News