මඩකලපුවට විශේෂ කාර්ය බලකාය යොදවයි

2016.07.17 stf

මඩකලපුව ප්‍රදේශයේ ඇතිවී තිබෙන ගැටුමක් පාලනය කිරීමට විශේෂ කාර්ය බලකාය යොදවා ඇත.

දෙපිරිසක් අතර ඇති වූ බව කියන  හේතුවෙන් ආරක්ෂක අංශ යෙදවූ බව බලධාරින් පවසා තිබේ. බොදු බල සේනා හා තවත් සංවිධාන කිහිපයක පිරිසක් හා තවත් පාර්ශවයක් අතර ආරවුලක් දුරදිග ව්‍යාප්ත වීමේ අවදානමක් සහ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවූ බව මඩකලපුව පොලිසිය කියයි.

ඊයේ මඩකලපුවේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයකට එරෙහිව පොලිසිය උසාවි නියෝගයක් ලබාගෙන තිබූ අතර මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමිනම ඇතුළු පිරිසක් ඊට විරුද්ධව උද්ඝෝෂණය කළහ. ඒ පිරිසගේ ඉල්ලීම අනුව බොදු බල සේනා හා තවත් සංවිධාන කිහිපයක පිරිසක් එහි ගොස් ඇති බව කියති. කෙසේවෙතත්, මේ වනවිට එහි තත්වය සාමාන්‍ය අතට හැරී ඇතැයි පොලිසිය පවසයි.

batti_stf sumanaratana_batti

Leave a Reply