නියගයෙන් පුත්තලම ජනතාවට දැඩි පීඩා

පවත්නා නියගය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය   ප්‍රකාශ කර සිටී.

නියගය හේතුවෙන් මේ වන විට පවුල් 36,394 ක 129,276 පිරිසක් පිඩාවට පත්ව ඇති බව වාර්තා වේ. එම ප්‍රදේශයන්හි සියළුව කුඩා වැව් සහ ලිං මේ වන විට සිදී ඇති බවත්, ජල ප්‍රවාහ ද සිදී යමින් පවතින බවත්, බවුසර් 16ක් යොදා ගනිමින් ප්‍රදේශයේ ජලය සැපයීම සිදු කරන අතර එම බවුසර් සඳහා ජලය පුරවා ගැනීමටද මූලාශ්‍රයක් නොමැති වීමෙන් එයද අවදානම් තත්වයක පවතින බවත් පැවසේ.

මෙම තත්වය ඉදිරියටත් පැවතියහොත් ඉතිහාසයේ කිසිදු දිනක අත් නොවිදි මට්ටමක විශාල නියගයක් දක්වා වර්ධනය වීමට නියමිත බව පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කරන ලදී.

Leave a Reply