නවසීලන්ත අගමැතිවරයා ජෝන් කේ ඉල්ලා අස්වේ.

jhon-keyweb

නවසීලන්ත අගමැතිවරයා වූ ජෝන් කේ සිය අගමැතිධුරයෙන් ඉවත්වන බව ඊයේ හදිසියේම නිවේදනය කළේය. සිය ඉල්ලා අස්වීම එරට ආණ්ඩුකාර ජනරාල්වරයාට ඉදිරි දිනකදී බාරදෙන බව ඔහු මාධ්‍ය අමතා වැඩිදුරටත් පවසා ඇත.

නවසීලන්ත මධ්‍ය දක්ෂීණාංශීක පක්ෂයක් වන ජාකික(නැෂනල්) පක්ෂයේ කායකත්වයට වසර 2006දී ජෝන් කේ තේරී පත්වියග ඉන්පසුව 2008 වසරේදී පැවැති මහමැතිවරණයෙන් ජය ලබා අගමැතිවරයා ලෙස වැඩ බාරගත්තේය.

මෙම හදිසි ඉල්ලා අස්වීම පිළිබදව සිය අදහස් පළ කරමින් ජෝන් කේ පවසා තිබුනේ හේතු කාරණා ගණනාවක් තම ඉල්ලා අස්වීමට තිබූ බවයි. දෙසැම්බර් මස 12 වැනිදින අගමැතිවරයාෙරැු් ඉල්ලා අස්වීම නිල ලෙස කි‍්‍රයාත්මක වනු ඇති බව වාර්තාවේ.

මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේදීය. නමුත් තවම දිනයක් නිශ්චිතවී නොමති බව වාර්තාවේ.

නවසීලන්ත ජාතික (නැෂනල්) පක්ෂයේ නව නායකයකු තොරා ගැනීම සදහා දෙසැම්බර් ම 12 වැනි දින යොගෙන ඇති බව වාර්තාවේ එදිම එරට පාර්ලිමේන්තුවේදී නව අගමැතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්දය පැවැත්වීමට නියමිතව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply