තැපෑලේ වර්ජනය ඇරඹේ

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ඉපැරණි වටිනාකමකින් යුතු ගොඩනැගිලි හෝටල් ඉදිකිරීමට විකිණීම වහාම නතර කිරීම ඇතුළු ඉල්ලීම් 3ක් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් ඊයේ(26) මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අඛණ්ඩව වැඩවර්ජනයක නිරත වන බව වාර්තා වේ.

ආරම්භ කරන ලද මෙම වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව වාර්තා වේ.

මෙම සංගමය විසින් මෙම හේතුන් මුල් කරගනිමින් පසුගිය 13,14 දෙදින තුළ සංඛේත වැඩවර්ජනයක් සිදු කර තිබූ අතර මෙම හෝටල් ව්‍යාපෘතිය යටතේ පසුගියදා නුවර එලිය තැපැල් කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කර තිබුණි.

 


ආශ්‍රිත පුවත්

 

One thought on “තැපෑලේ වර්ජනය ඇරඹේ

  1. Pingback: තැපැල් වර්ජනය ගැන තීරණය අද | Lanka Views

Leave a Reply