ටෙලිකොම් සමාගමේ රැකියා ස්ථිර කරන ලෙස මාස තුනක් මුලුල්ලේ අරගලයේ යෙදී සිටින ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ගේ ඉල්ලීම් පිළිබද කැබිනට් මණ්ඩලයෙන් විසදුම් යෝජනා ඉිදිරිපත්ව තිබේ.
ඒ අනුව මෑන් පවර් සේවකයන් අදියර හතරක් යටතේ ටෙලිකොම් සමාගමට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. මෙසේ මෑන්පවර් සේවකයන් ස්ථිර කාර්යමණ්ඩලයට බඳවා ගතහොත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට වසරකට රුපියල් කෝටි 160ක පමණ අතිරේක වියදමක් දැරීමට සිදුවන බවද එහිදි සාකච්ඡාවට ගැනී ඇත. නමුත් සානුකම්පිත පියවරක් ලෙස ඔවුන් ටෙලිකොම් සමාගමට බඳවා ගැනීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක ජනමාධ්‍යෙ වෙත පවසා තිබේ. මෑන්පවර් සේවයේ සිටින සේවකයන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා 2017 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ ඔවුන් බඳවා ගැනීමට ඒ අනුව කටයුතු කෙරෙනු ඇත.