ජී-20 සමුළුවට එරෙහිව විරෝධතා පළකළ උද්ඝෝෂකයින් විශාල පිරිසක් මේ වන විට හැම්බර්ග් පොලීසිය විසින් අත් අඩංගුවටගෙන රදවාගෙන ගෙන ඇති බව වාර්තාවේ.
මෙසේ රදවාගෙන ඇති පිරිසෙන් 144ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් රදවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිරිස පසුගිය 07-08 දෙදින තුල පැවැති ජී20 සමුළුවට විරෝධය පළකළ අයවේ.
පසුගිය සිකුරාදා ආරම්භ වී සෙනසුරාදා අවසන්වූ මෙම ජී 20 සමුළුව සදහා ලොව ප්‍රමුඛ කාර්මික රටවල රාජ්‍ය නායකයින් සහභාගීවිය.
සමුළුවට සමගාමීව විරෝධතා කරුවන් පනස්දාහක් පමණ සිය විරෝධාතා රැලියට සහභාගීවී සිටි අතර ඔවුන් ගෝලීයකරණයට හා කාර්මික රටවල් මුල්වී සිදුකරන පාරිසරික විනාශයන්ට එරෙහිව විරෝධය පළ කිරීමට මෙම රැලිය පවත්වා තිබේ.
පසුව මෙම විරෝධතාකරුවන් සමග පෙලීසිය ගැටුනේය. එම සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ලකොට පොලීසිය විසින් මෙම උද්ඝෝෂකයින් අතරින් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.