ජයලලිතාට අසාධ්‍ය බව ඇපලෝ රෝහල පවසයි.

jayalalithaweb

තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම්ට වැළදුණ හෘද්‍යාබාදය හේතුවෙන් ඇයව චෙන්නායිහි ඇපලෝ රෝහලේ දැඩි සත්තාර ඒකකයට නැවත ඇතුලත් කිරීමට එම රෝහලේ වෛද්‍ය විශේෂඥයින් කටයුතු කර ඇති බව වාර්තාවේ.

ඇයගේ සෞඛ්‍ය තත්වය බරපතල බැවින් ඒ පිළිබදව දැඩිව අධ්‍යයන කරමින් හා විමසිල්ලෙන් සිටීම සදහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කණ්ඩායමක් වෙන්කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම තත්වය හේතුවෙන් මේ වනවිට නවදිල්ලියේ සිට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්ද චෙන්නායි බලා පිටත්ව ඇති බව වාර්තාවේ.

අන්නා ඩී එම්කේ පක්ෂයේ නායකයින් බොහෝ දෙනෙකෙුද මේ වන විට ඇපලෝ රෝහල වෙත පැමිණ ඇති අතර රෝහල අවට ඇයගේ ආධාරකරුවන් විශාල පිරිසක් රැස්ව සිටින බවද වාර්තාවේ. පසුගිය සැප්තැම්බර් මස 02 දා සිට ඇය රෝහල් ගතව ප්‍රථිකාර ලබමින් සිටී සිටී.

Leave a Reply