ජපානයේ ජලගැලීම් හේතුවෙන් 16ක් මියයති

ජපානයේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර හා නාය යෑම් නිසා මේ වන විට පුද්ගලයන් 16දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු පමණ අතරුදහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ දකුණු දිග ප්‍රදේශයයක් වන කියුෂු පළාතට පසුගිය සෙනසුරාදා දක්වා පැය 12ක් තිස්සේ ලැබුනු අධික වර්ෂාව හේතුවෙන් මෙම ජීවිත හානි හා දේපළ හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම හදිසි විපත්තිදායක තත්වය හේතුවෙන් එම ප්‍රදේශය තුල සියගණනක පිරිසක් අවතැන්ව ඇති බවද වාර්තාවේ. විශේෂයෙන් ගංගා ආශ්‍රීත තිබූ බැමි කඩාගෙන යෑමෙන් පසුව මහාමාර්ග හා දේපළ වලට විශාල ලෙස හානි සිදුව ඇති බව වාර්තාවේ.

මෙම හදිසි වැසි හේතුවෙන් වැඩියෙන්ම හානියට පත් දිස්ත්‍රික්ය වන්නේ පුකුඕකා ප්‍රදේශය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සහන සේවා කටයුත් සදහා 12,000 කට අධික සහන සේවා කණ්ඩායම් හා ජපාන ආරක්ෂක අංශ වලින් සැදුම්ලත් පිරිසක් යොදවා ඇති බව වාර්තාවේ.

Leave a Reply