ජනාධිපතිට කෝටි 645ක්! – අධ්‍යාපන, සෞඛ්‍ය කප්පාදුවක්!!

ranil-maithree

ඉදිරි වසර (2017) සදහා  හවුල් ආණ්ඩුවේ විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමති රවි කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කරණ ලදී.

ඒ අනුව, 2017දී ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය රුපියල් කෝටි හාරසියයකින් ඉහළ දමා තිබේ. එය 2016 වසරේ රුපියල් දෙසිය තිස් නව කෝටි විසි ලක්ෂයකි. එහෙත් 2017 විසර්ජන පනතට අනුව ලබන වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් හයසිය හතලිස් පන් කෝටි විසි හය ලක්ෂයක් වේ. අගමැති වැය ශිර්ෂය වෙනුවෙන් ද මෙම වසරට වඩා ලබන වසර සඳහා රුපියල් කෝටි හැත්තෑ හතක් වැඩි යෙන් මුදල් වෙන් කර ඇත. මෙසේ ජනාධිපති වැයශිර්ෂ අසාමාන්‍ය ලෙස ඉහල නංවා ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ ඇතැම් ක්‍රියාමාර්ගවලට එරෙහිව පසුගිය දිනවල කළ අදහස් දැක්වීමෙන් පසුවදැයි කුකුසක් ඇතිව තිබේ.

මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන 2017 වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් කෝටි එක්ලක්ෂ අසු එක්ලක්ෂ අසු එක් දහස් නවසියයකි. ලබන වසරේ රජයේ සමස්ත වියදම 2016 වසරට වඩා රුපියල් කෝටි හැත්තෑ හය දහසකින් අඩු කළ වියදම් ඇස්තමේන්තුවක් විසර්ජන පනතේ අඩංගු වේ. 2016 විසර්ජන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ දී ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් කෝටි දෙලක්ෂ පනස් හත් දහස් නවසියයකි.

ශීර්ෂය 2016 2017 වෙනස
1 රජයේ අපේක්ෂිත වියදම 194140 181950 – 2190
2 ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 230 645 +415
3 අගමැතිගේ වැය ශීර්ෂය 40 125 +85
4 ආරක්ෂක අමාත්‍යංශය 30600 28400 – 22
5 සෞඛ්‍ය අමාත්‍යංශය 17490 16090 -400
6 අධ්‍යාපන අමාත්‍යංශය 18590 7690 -109
7 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය 163.4

 

Leave a Reply